නිතීෂා ජයසේකර මෙනවිය පසුගිය සිකුරාදා යෝෂිත රාජපක්ෂ මහතා සමග විවාහ ගිවිස ගැනීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතාද සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ ඔහුගේ පෙම්වතිය සමග සිටින ඡායාරූපයක් අද(13) මුදාහැර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ලබන සැප්තැම්බර් 17 වැනිදා ලිම්නි වීරසිංහ මෙනවිය සමග අවාහ වීමට නියමිත බව මෙයට පෙර මාධ්‍යයයේ පළවිණි.
නිතීෂා-යෝෂිත ගිවිස ගැනීමේ චාම් උත්සවය අතරවාරයේදී රාජපක්ෂ පවුලේ පුතුන් තිදෙනාම සිය පෙම්වතියන් සහ බිරින්දෑවරුන් සමග සමූහ ඡායාරූපයක් ගැනීමද විශේෂත්වයකි. එම ඡායාරූපයද මේ වනවිට මාධ්‍යට නිකුත් වී තිබේ.
නාමල්-යෝෂිත-රෝහිත සහෝදරයන්ගෙන් මුලින්ම අවාහ වුයේ පවුලේ බාලයා රෝහිතය. දෙවැනුව ගිවිස ගැනීම ප්‍රකාශයට පත්කළේ යෝෂිතය. දැන් වැඩිමලා නාමල් තමන්ගේ මංගල්‍යයටම දින ප්‍රකාශයට පත්කර තිබේ.

