නිවාඩු යන හමුදා සෙබළුන් පිරිසක් අනතුරක – 1 මරුට – 9කට තුවාල

Picture of අසංක

අසංක

නිවාඩු ලබා නිවෙස් කරා යමින් සිටි හමුදා සෙබළුන් පිරිසක් රැගත් හමුදා ජීප් රථයක් මුලතිව් වට්ටාපලෙයි ප්‍රදේශයේදී අනතුරට ලක් වී සෙබළෙකු මියගොස් තිබේ.

තවත් 9 දෙනෙකු අනතුරින් තුවාල ලබා ඇත.

කාර්මික දෝෂයකට ලක් වීමෙන් ජීප් රථය පෙරළී අනතුර සිදුව ඇති බව පැවසේ.

නිවෙස් කරා යා හැකි මගී බස් රථය ගැනීම සඳහා බස් නැවතුම්පොළක් වෙත ඔවුන් හමුදා ජීප් රථයකින් රැගෙන යන අතුරතුර මෙම අනතුර සිදුව ඇත.

තුවාලකරුවෝ මුලතිව් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.