වෛද්‍ය ෂාෆි කෝටි ගණනක වත්කම් ඉපයුව හැටි කෝ? – නීතීඥවරු

Picture of අසංක

අසංක

චෝදනා එල්ල වී සිටින වෛද්‍ය ෂාෆි සහබ්දීන්ට අයත් රුපියල් කෝටි ගණනක දේපළ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු හෙළිව ඇතැයි වාර්තා වේ.

එහෙත් එම තොරතුරු අධිකරණයට මෙතෙක් හෙළිකර නැතැයි අගතියට පත් මව්වරුන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරු චෝදනා කරති.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව පවතින කුරුණෑගල කොට්ටාශ භාර පොලිස් අධිකාරීවරයාගේ වාර්තාව ගෙන්වා බලන ලෙස එම නීතීඥවරුන් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කරති.

වෛද්‍යවරයාට අයත් සමාගම්, ඉඩම් හා බැංකු ගිණුම් සළකා බැලීමේදී වෛද්‍ය වෘත්තියෙන් ඉපයිය නොහැකි තරමේ වත්කම්වලට හිමිකම් කියන බව ඔවුහු චෝදනා කරති.