පල්ලියේ ප්‍රහාරය නිසා නවසීලන්ත වැසියෝ රජයට තම අවි විකුණති

Picture of අසංක

අසංක

නවසීලන්ත වැසියන් තමන් සතු ස්වයංක්‍රීය ගිනි අවි රජයට ලබා දීමට තීරණය කර ඇති බව නවසීලන්ත මාධ්‍ය අනාවරණය කරයි.

මේ වෙනුවෙන් නවසීලන්ත රජය තුවක්කු හිමිකරුවන්ට මුදල් ගෙවීමක් සිදු කරන අතර ඊයේ දිනයේ එම ස්වයංක්‍රීය අවි බාරදීම නවසීලන්තයේ වෙලින්ටන් නුවරදී උත්සවාකාරයෙන් සිදුවිය.

නවසීලන්තයේ මුස්ලිම් වැසියන් ඉලක්ක කර තුවක්කුකරුවකු එල්ල කළ ප්‍රහාරයට පසු නවසීලන්ත රජය අවි ආයුධ පාලනය පිළිබඳව වැඩි අවදානයක් යොමු කර ඇත.

කෙසේ වෙතත් මේ වැඩසටහන අනුව සිදුවන්නේ යුද්ධ කටයුතුවලදී භාවිත කරන නවීන පන්නයේ ස්වයංක්‍රීය තුවක්කු පමණක් භාර දීමට ජනතාව උත්සුක කිරීමකි.

ලක්ෂ 15 ක ගිනි අවි සංඛ්‍යාවක් නවසීලන්ත වැසියන් භාවිත කරන බවට ගණන් බලා ඇත. ඒ අතරින් බලපත්‍ර සහිත ගිනි අවි තිබෙන්නෙ 250,000ක් පමණක් බවද පැවසේ.