පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් යැයි බොරු ඔත්තුවක් දුන් අයෙක් හිරේ

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට අසත්‍ය තොරතුරක් දුන් පුද්ගලයෙකු බදුල්ල ඇල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ මෙය පිටකොටුවේ මුස්ලිම් දේවස්ථානයක් තුළදී පුද්ගලයන් 8 දෙනෙකු විසින් සැළසුම් කර ඇති බවයි.

තොරතුර ලද සැණින් කොළඹ මධ්‍යම කොට්ඨාශය වහාම මේ පිළිබඳ විමර්ශනය කර ඇත.

එහිදී ලබා දුන් තොරතුර අසත්‍ය බවට අනාවරණය වීමෙන් පසුව අසත්‍ය තොරතුර ලබා දුන් තැනැත්තා ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඇල්ල ප්‍රදේශයේ නිවසක කුලියට පදිංචි වී සිටි 53 හැවිරිදි අයෙකි.

කුලියට සිටින නිවසේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කරමින් ඔහු සිම් කාඩ් පත මිලට ගෙන ඇත.

සැකකරු මේ වන විට කොටුව පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරයි.