දුම්රියේ ගැටී පියකු හා දුවක මරුට

Picture of අසංක

අසංක

වේයන්ගොඩ වඳුරව දුම්රිය හරස් මාර්ගයේදී අද දින උදෑසන 6.45 ට පමණ සිදුවූ රිය අනතුරකින් පියකු සහ දියණිය ජීවිතක්ෂයට පත්වී තිබේ.

කන්කසන්තුරෙයි සිට කොළඹ බලා ධාවනය වන දුම්රියේ ඔවුන් ගමන් ගත් යතුරු පැදිය ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් දියණිය සහ පියා එම ස්ථානයේදීම මියගොස් ඇත. 

මියගොස් ඇත්තේ රුවන් සංජීව චින්තක සිල්වා නමැති 42 පියා සහ 11 හැවිරිදි රූසදී දිලංසා දැරියයි.

වේයන්ගොඩ ප්‍රදේශයේ ඥාතියකුගේ දානමය පිංකමකට සහභාගි වී අද උදෑසන එම දැරිය පාසල් යාම සඳහා යන අතරතුර මොවුන් අනතුරට ලක්ව ඇත.

මියගිය පුද්ගලයන්ගේ සිරුරු වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය පවසයි.