යුරෝපා සංගමය මෙරට කාර්‍යාලය තුල නිල නොවන ත්‍රස්ත මර්දන සාකච්ඡාවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙරට පිහිටි යුරෝපා සංගම් කාර්යාලය විසින් නිල නොවට මට්ටමේ ත්‍රස්තවාදය වැලක්වීමේ කතිකාවක් අද (15) පවත්වා තිබේ මේ කතිකාවට යුරෝපා සංගමයේ කොළඹ සිටින ප්‍රධානින් සහ පසුගියදා මෙරටට පැමිණි එම සංගමයේ ප්‍රති-ත්‍රස්ත කටයුතු සම්බන්ධීකාරක ජීල් ද කෙයෂොව් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කතිකාව පවත්වා ඇත. මේ පිලිබඳව මෙරට යුරෝපා සංගමය මාධ්‍යනිවේදනයක් මගින් දන්වා සිටී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වැඩ බලන විදේශ ලේකම් අහමඩ් ඒ ජවඩ් මහතා එක්ව ඇත.
එහි දී යුරෝප සංගමය විසින් ත්‍රස්ත මර්ධන වැඩසටහන් සදහා යුරෝ මිලයන 8.5ක් ලබාදීමටද මෙහිදී කටයුතු කර තිබෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබේ.