තැපෑල අද වැඩවරයි

Picture of අසංක

අසංක


ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (16) පස්වරු 4.00 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ රාජකාරිවලින් ඉවත්වී , සංකේත වැඩ වර්ජනයක නිරත වන බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති සන්ධානය ප්‍රකාශ කර සිටී.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, අනිද්දා (17) පස්වරු 4.00 වන තුරු එය ක්‍රියාත්මක කරන බවය.

ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සම්බන්ධයෙන් තපපතිවරයා දැනුවත් කල බවද වෘතීය සමිති පවසයි.