රූමස්සල කන්දේ සෙල්ෆි ගන්න ගිය 4ක් වැටේ – 2ක් අතුරුදන්

Picture of අසංක

අසංක

උණවටුන, රූමස්සල ප්‍රදේශයේ ගල් පර්වතයක් මත නැගී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගිය තරුණයින් 04 දෙනෙකු මුහුදට වැටී තිබේ.

ඉන් දෙදෙනෙකු අතුරුදන් වූ අතර දෙදෙනෙකුගේ දිවි ගලවාගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.

අතුරුදන් වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

අතුරුදන්ව ඇත්තේ තෙලිකඩ ගිනිමැල්ලගහ පදිංචි අවුරුදු 21 හා 20ක් වයසැති තරුණයන් දෙදෙනෙකි.