දකුණු පළාතේ ආණ්ඩුකාරයා කුණු බලන්න ගාල්ලේ සිට මාතරට බයිසිකලයෙන් යයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‘ අකාර්යක්ෂම කළමනාකරණය සහ පිල් බෙදීම් නිසා නිසා අවුල් කර ගත් මාතර කුණු ප්‍රශ්නය බලන්නට මාතර පාරවල් දිගේ බයිසිකලයෙන් ගියෙමි ‘ යනුවෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මාතර කුණු බැලීමට ගිය ගමනට සටහනක් යොදා ඡායාරූප තම ෆේස්බුක් ගිණුමේ පලකර ඇත.

පසුගියදා අධිකරණය ලබා දුන් තීන්දුවක් හේතුවෙන් මාතර මහ නගර සභා සීමාව තුල කසල ඉවත් කිරීමේ දී මතුව ඇති ගැටළුව පිළිබද සොයා බැලීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් අද (16) මාතර නගරයේ සංචාරය කළේය.

14 වනදා සිට මාතර පුරා කසල ඉවත් නොකිරීම නිසා ගොඩ ගැසී ඇති කසල ඉවත් කිරීම මේ වන විට ඇරඹී ඇත. ගාල්ලේ සිට මාතර නගරය දක්වා සිය පාපැදියෙන් පැමිණි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා මාතර නගරයේ වීදි පුරා පා පැදියෙන් සංචාරය කරනු දක්නට ලැබිණ.

මෙම ගමනට දකුණු පළාත් කොමසාරිස් ‍සේනක පල්ලියගුරුගේ ද එක් වී සිටියේ ය.