බ්‍රහස්පතින්දා සිකුරාදා පාසල් වැහෙයි?

Picture of අසංක

අසංක


ගුරු විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය ලබන බ්‍රහස්පතින්දා (18) සහ සිකුරාදා (19) දෙදින සියලුම ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට අසනීප නිවාඩු වාර්තා කරන්නැයි ද්ප ව්‍යාප්තව දැන්වීමක් යවා තිබේ.

වසර 22 ක බී.සී පෙරේරා වාර්තාවට අනුව වැටුප් විෂමතාව විසදා ගුරු සේවයේ ඉල්ලීම් දිනා ගැනීම මෙම වෘත්තිය අරගලයේ ප්‍රධාන අරමුණ වී තිබේ.


මීට අමතරව අධ්‍යාපනයට සියයට 6 වෙන් කිරීම, 2016 ජනවාරි 01 වැනිදා සිට ගුරුවරුන්ට අහිමි කල විශ්‍රාම වැටුප යලි ලබාගැනීම, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අමතරව ගුරුවරුන් ලබා සිදුකරන අනවශ්‍ය කොළ පිරවීම් ඉවත් කිරීම මෙම වෘත්තිය අරගලයේ සෙසු ප්‍රධාන අරමුණු බව ශ්‍රි ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා the Colombo express වෙබ් අඩවියට පැවැසුවේය.


“අපි බලාපොරොත්තුවෙනවා මෙම අසනීප නිවාඩු දැමීමේ කටයුත්තට විදුහල්පතිවරු හා ගුරුවරු ඒක්වේවි කියලා. නමුත් දේශපාලනික වශයෙන් සැදුම්ලත් ඇතැම් සංගම් මෙම වෘත්තිය අරගලය කඩාකප්පල් කිරීමට යම් යම් උත්සාහ දරමින් සිටිනවා. මේ දක්වා විශාල ප්‍රතිචාරයක් අපගේ වෘත්තිය අරගලයට ලැබී තිබෙනවා” යැයි ෂෙහාන් දිසානායක මහතා සදහන් කළේය.