මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය යාපනය ආඥාපති ලෙස ඊයේ (15) වැඩ භාරගත්තේය.
හමුදා ප්‍රකාශකවරයා ලෙස දිගු කලක් මාධ්‍යට සමීපව කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය යාපනය ආඥාපතිධූරය හිමිවනවිට 59 වැනි සේනාංකාධිපති ලෙස සේවය කරමින් සිටියේය.
මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා යාපනය ආඥාපතිධූරයෙන් විශ්‍රාමයාමත් සමග පුරප්පාඩුවූ යාපනය ආඥාපතිධූරයට මෙසේ මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය පත්කොට තිබේ.
යාපනය පලාලි හමුද්‍ර මුලස්ථානයේදී ආගමික වතාවත්වලින් අනතුරුව නිල ලේඛනයන්ට අත්සන් තබා වැඩ භාරගත් මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය වෙනුවෙන් 10 කාලතුවක්කු රෙජිමේන්තු භටයෝ සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පැවැත්වුහ.
සපුගස්කන්ද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ කලක් භාරදුර වගකීම් දැරු මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය හමුදා මානුෂීය මෙහෙයුම සමයේද සිය යුතුකම් නොපිරිහෙළා ඉටුකළ දක්ෂ හමුදා නිලධාරියෙකි.
