ජගත් සංවිධානයේ නියෝජිතයෙක් හෙට දිවයිනට

Picture of අසංක

අසංක

සාමකාමී රැස්වීම් සංගමයන් පැවැත්වීමේ නිදහස පිලිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිත ක්ලෙමන්ට් නයලෙට්සෝසි මහතා හෙට (18) දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතය .

ලබන 26 වන දින දක්වා ඒ මහතා මෙරට රැදී සිටිනු ඇති අතර එම කාලය තුල සාමකාමී එක්රැස්වීමට සහ සංගමය සඳහා මෙරට තුල ඇති නිදහස පිළිබඳව ඒ මහතා විශේෂ නිරීක්ෂණයක හා ඇගයීමක නිරතවනු ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුල ක්ලෙමන්ට් නයලෙට්සෝසි මහතා කොළඹ සහ උතුරු, දකුණු සහ නැගෙනහිර පළාත් සමඟ සංචාරය කිරීමට නියමිත අතර රජයේ නිලධාරීන්, අධිකරණ, ව්‍යවස්ථාදායක, මාධ්‍ය, සිවිල් සමාජ හා වෘත්තීය සමිතිවල නියෝජිතයින් මෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම ද හමු වීමටද නියමිතය.

එසේම ඔහු එක්සත් ජාතීන්ගේ පද්ධතියේ සහ වෙනත් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් මෙන්ම රටේ අනෙකුත් පාර්ශවකරුවන් ද හමුවනු ඇත.

තම නිරීක්ෂනයන්ගෙන් අනතුරුව ඒ මහතා විශේෂ තක්සේරු වාර්තාවක් 2020 ජුනි මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වන සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත් බවද වාර්තා වෙයි.