පාරිභෝගිකයා සූරා කන පිටි මාෆියාව

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පිටි කිලෝවක් රුපියල් 08කින් ඉහල දැමීම නිසා සාමාන්‍ය පාන් ගෙඩියක් රුපියල් 10 කින් මිල ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

සංගමයේ උප සභාපති රියෙන්සි විතානගේ මහතා පවසන්නේ පාන් වලට අමතරව සෙසු බේකරි නිෂ්පාදනවල මිලද ඉහල දැමීමට සිදුවන නමුත් ඒ පිලිබදව අවසන් තීන්දුවක් ගෙන නැති බවයි.

පාන් ගෙඩියක් රුපියල් 10 කින් වැඩි කිරීම සිදුවන්නේ සිල්ලර කාසි හිගය හේතුවෙන් යයිද ඔහු පැවසීය.

බේකරි හිමියන් මෙසේ පවසන්නේ පිටි කිලෝවක මිල රුපියල් 08 කින් වැඩිවන විටයි. නමුත් දැන් හෝටල් හිමියන් කොත්තු රොටිය පවා රුපියල් 10 කින් වැඩි කරන්න තීරණය කර තිබේ නමුත් කොත්තු රොටියකට වැයවන පිටි ප්‍රමාණය සාමාන්‍යයෙන් ග්‍රෑම් 250 ක් පමණ වේ මේ අනුව රුපියල් 10 කින් මෙසේ මිල වැඩිවිම අනුමත කල හැකිද ? එසේම බනිස් ගෙඩියක් පවා රුපියල් 10 කින් වැඩි කරන්න යන බව වාර්තා වේ එසේ නම් අපට තවත් ප්‍රශ්නයක් මතු වේ බනිස් ගෙඩියකට අල්ලන පිටි ප්‍රමාණය ග්‍රෑම් 100 අඩු වේ එසේ නම් එහි මිල රුපියල් 10 කින් වැඩි කිරිම ගැන තවමත් බලධාරීන් නිහඩ මන්ද යන්න අපිට ගැටළුවකි.

අවසානයේ සිදුවන්නේ තෙල් මිල වැඩි වුවත් ගෑස් මිල වැඩි වුවත් දුක් විදින්නේ පාරිභොගිකයාය.