ATM දත්ත සොරාගන්න හැදූ විදේශිකයන් මාට්ටු

Picture of අසංක

අසංක

කොටවිල මිරිස්ස ප්‍රදේශයේ දී ATM යන්ත්‍රයක දත්ත සොරාගැනීම සඳහා ඉලෙක්ට්‍රොනික උපකරණ සවිකළ විදේශිකයන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් බල්ගේරියා, එස්ටෝනියා හා පෝලන්ත ජාතිකයන් ය.

ඊයේ අත්අඩංගුවට ගෙන ඇති මොවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.