ගැටුම් නවතා , එක්ව ඉදිරියට යමු – අගමැති ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි !

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ අතර පවතින අර්බුද විසඳා ගනිමින් සන්ධානයක් ලෙස සියලුදෙනා ඉදිරියටත් එක්ව කටයුතු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලීමක් කර තිබෙ. අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැති එම මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත . පොදුජන පෙරමුණේ සාර්ථකත්වය රැඳී ඇත්තේ මෙම එකමුතුභාවය මත බවද අගමැතිවරයා මෙහිදී සඳහන් කර…

අද සිට රසායනික පොහොර ආනයනය කිරිමට අවසර – ගැසට්ටුව අද නිකුත් කෙරේ

රටේ පවතින තත්වය අනුව අද සිට රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පුංචි ඡන්දය ලග එන හැඩ

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට ආසන්න නිසා ඒ සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමේ මූලික කටයුතු ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව

“බුලත් කොළය” නව ගමනකට සැරසේ !

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30ක් එක්වෙමින්  පුළුල්  සන්ධානයක් ලෙස තම ශක්තිය වර්ධනය කරගනිමින් ක්‍රියාත්මකවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කර ඇත මේ ගැන එම පක්ෂ හා කණ්ඩායම් සමඟ මූලික සාකච්ජාව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේදී ආරම්භ විය . පොදු සන්ධානයක් ගොඩනැගීම සදහා වන මූලික සාකච්ඡාව මෙහිදී පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග…

තාප්පවල චිත්‍ර ඇඳි තරුණයින් , පාස්පෝට් පෝලිම්වල ඉන්නවාදැයි හොයා බලන්න – අගමැති

තාප්පවල චිත්‍ර ඇඳි තරුණයින් , අද මේ රට ඇත හැරයන්න පාස් පෝට් පෝලිමේ ඉන්නවාද යන්න සොයා බැලිය යුතු බවත් එම තරුණයින් යලි රට තුල රඳවාගන්න අවශ්‍ය අකාරයේ දේශපාලනයක මේ මොහොතේ  යෙදිය යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටී . අගමැතිවරයා මේබව සඳහන් කලේ , අද (02) “අභිමානයෙන් සෞභාග්‍ය කරා” තේමාවෙන් නෙළුම් පොකුණ…

හවුල්කාර පක්‍ෂ කලකිරීමෙන් – ආණ්ඩුව තුලම ප්‍රශ්ණ විසඳගන්නා ලෙස ජනපති දැනුම්දේ !

ආණ්ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ හේතුවෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ යම් කලකිරීමකින් සිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි .. කෙරවලපිටිය එල් එන් ජී බලාගාරයේ කොටස් පවරාදීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල දැඩි විරෝධයක් එල්ලවෙමින් ඇත . මෙම අර්බුදකාරී තත්ත්වය විසදා ගැනීමට ආණ්ඩුවේ සියලුදෙනා කඩිනමින් පියවර ගත යුතු බව  අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පෙන්වාදේ.. මේ අතර ආණ්ඩු…

රනිල්ගේ ” සතරවරම්” යෝජනාව !

එක්සත් ජාතික පක්ෂයේ 75 වැනි සංවත්සර සමරුව ඊයේ (05) උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර රට ගොඩනැඟීම සඳහා සතර වරම් ආරක්ෂාව පිළිබඳ යෝජනාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් එහිදී ඉදිරිපත් කරනු ලැබිණි. “රට ඉදිරියට ගෙනයාහැකි සැලසුම් ගැන කතාකිරීමට ඇති හොඳම අවස්ථාව මෙයයි. ඉතිහාසය පුරාම ආණ්ඩු මාරු වනවිට ප්‍රතිපත්ති ද මාරුවීම තුළ රටක් ලෙස අපි පරිහාණියට පත්වුණා.…

ජනපති – ශ්‍රීලනිප, සාකච්ජා සාර්ථකයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් අතර අද (26) පැවැති සාකච්ඡාව ඉතා සාර්ථකව අවසන් වූ බව  අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාධ්‍ය වෙත පැවසීය . එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේද පැවසීය “ජනාධිපතිතුමා සමග මෛත්‍රිපාල…

විශ්වාසභංගය ඇමති මණ්ඩලේටම – රනිල්ගෙන් සංශෝධනයක්

විශ්වාසභංග යෝජනාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංශෝධනයක් ගෙනැවිත් තිබේ.

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය පිලිබඳ ආණ්ඩු පක්‍ෂයේ තීරණය මෙන්න ,

අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ඊයේ පස්වරුවේ  ඒකමතකිව තීන්දු කර ඇත . ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති මන්දිරයේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත . අදාළ සාකච්ඡාවෙන් අනතුරුව රෝහිත අබේගුණවර්ධන, පියල් නිශාන්ත, පුජ්‍ය අතුරලියේ රතන හිමි යන මැති ඇමතිවරුන් මාධ්‍ය වෙත අදහස් දක්වමින්…

ගම්මන්පිලට ශ්‍රීලනිපයේ විශ්වාසය හිමිවේ !

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට  එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවේදී, විපක්ෂයට වාසි දායකවන ආකාරයේ කිසිදු තීන්දුවක් නොගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටී . එම පක්ෂයේ  ජේ්‍යෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර මහතා මාධ්‍ය වෙත අද  පැවසුවේ ඛණිජ තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් උදය ගම්මන්පිල අමාත්‍යවරයා විසින් ගත් තීරණය තනි තීරණයක් නොවන බවය.. එය අමාත්‍ය…

ඕනෑම කෙනෙකු සමග පිළිවෙලකට ගමනක් යෑමට සූදානම් – විමල් වීරවංශ

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග වුව ඉදිරියේදී  ක්‍රමවත්ව පිළිවෙලකට ගමනක් යාමට තමන් සූදානම් බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටී ආණ්ඩුවෙන් කොටසක් ඉවත්ව යන කතාවද   හීනයක් බව , දොඩම්ගස්ලන්ද කහටගහ පතලේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා  සඳහන් කළේය. මෙහිදී මාධ්‍යව්දීන් නැගු ප්‍රශ්න හා අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු…