ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ලාංකිකයන් දෙදෙනෙක් ඉන්දියාවට

කොරෝනා වෛරස් ආසාධිතයන් 705 දෙනෙකු සිටින මගීන් 4 දෙනෙක් මියගිය, Diamond princess නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු ඉන්දියාවට ගෙන්වාගත් බව එරට රජය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සහය සජිත්ට

එළඹෙන මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට සහය දක්වන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අද (26) දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

අව්වට යන්න එපා: කාලගුණෙන් අවවාද

ප්‍රදේශ රැසක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

කොරෝනා නිසා 2020 ඔලිම්පික් අවලංගු වන ලකුණු

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙවර ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටුවීමේ අවදානමක් මතුව තිබේ.

මහඡන්දෙදි මාතර ආසනයකුත් අඩුවෙයි – මොනරාගලට 1ක් වැඩිවෙයි

ඉදිරි මහ මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයට ලබාදී තිබූ එක් ආසනයක් මොණරාගල දිස්ත්‍රික්කය වෙත හිමිවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.

මන්නාරමේ දෙමළ තරුණියන් හා මුස්ලිම් තරුණයින් විවාහ වීමේ වැඩි කැමැත්තක්

පශ්චාත් යුධ ගැටුම් සමයේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ දෙමළ තරුණියන් මුස්ලිම් තරුණයන් සමග විවාහ වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බවට සමාජ සේවා අංශය විසින් කළ සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මාලේ සිට මෙහෙයවන මෙරට මත්කුඩු ජාවාරමක් හෙළිවූ හැටි

මාලදිවයින් ජාතිකයින් පිරිසක් පකිස්තානයේ සිට මෙරටට මත්කුඩු රැගෙන විත් බෙදා හැරීන මහා පරිමාණයේ ජාවාරමක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් හෙළිකරගෙන තිබේ.

පොලිසියේ පුටු කීපයක් මාරු වෙයි

සේවයේ අවශ්‍යතාවය මත ස්ථාන මාරුවීම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත ක්‍රියාත්මක වන

හෙට සිට පාන් මිල බහී

හෙට මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී .

මහ බැංකු ගොඩනැගිලෙන් පැන සිසුවෙක් දිවි හානි කරගනී

මහ බැංකු ගොඩනැගිල්ලේ ඉහළ සිට බිමට පැන පාසල් සිසුවෙක් සියදිවි නසාගෙන ඇත. මිය ගිය සිසුවාගේ පියා මහ බැංකුවේ නීතී අංශයේ සේවය කරන අතර අද දහවල් කාලයේ පියා මුණගැසීමට පැමිණ ඇති අතර ඉන්පසු සිසුවා මෙසේ ජීවිතය තොර කරගෙන තිබේ. මේ සම්බන්ධයෙන් සේ වන විට CCTV පරික්ෂා කරමින් සිටින අතර. සිසුවාගේ පියා මේ වන විට සිහිසුන් තත්වයේ…

රාජගිරියේ ගින්නක් – පාලනයට ගුවන් හමුදා යානා

රාජගිරිය වගුරු බිම් ආශ්‍රිත ප්‍රදේශයක හටගත් ගින්න පාලනයට ශ්‍රී ලංකා යුද හමුදාවේ හෙලිකොප්ටර් යොදවා තිබේ.