ලංකාවට කළ අනතුරු ඇඟවීම අමෙරිකාවේ නරක පුරුද්ද හෙළි කිරීමක් – චීනය

අමෙරිකාව විසින් පසුගියදා ශ්‍රී ලංකාව වෙත කළ අනතුරු ඇඟවීම කුඩා රටවල්වලට හිරිහැර කරමින් , ඒවායේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමේ ඇමෙරිකානු රජය සතු නරක පුරුද්ද නැවත ලොවටම හෙළි කිරීමක් බව චීනය අවධාරණය කර සිටී.

පෑලියගොඩ මාළු පොලේ මතට ඇබ්බැහි වූවන් පිරිසක් PCR නොකර පලාගිහින්

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළේ PCR පරීක්ෂණ සඳහා මුහුණ නොදී එහි සේවය කරන පිරිසක් එය මග හැර පලා ගොස් ඇතැයි වාර්තා වේ.

රටම ලොක්ඩවුන් කරන්න තවම තීරණයක් නෑ – පොලීසිය

දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ හැරුණු විට දිවයින පුරා ඇඳිරි නීතිය පැනවීමට මේ මොහොතේ තීරණයක් නැති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

තවත් ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය

වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටියේ පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මත්කුඩු වටලන මෙහෙයුමකදී මාකඳුරේ මධූෂ් මරුට

සඟවා තිබූ මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයා කළ සෝදිසි මෙහෙයුමක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් වෙඩිවැදි මරණයට පත්ව තිබේ.