ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගුවන්යානා නඩත්තු අලුත්වැඩියා සංවිධානයක් වන සිලෝන් එරෝනොටිකල් සර්විසස් (Ceylon Aeronautical services ) හෙවත් සී ඒ එස් සංවිධානය , ජාත්‍යන්තර බෙල් හෙලිකොප්ටර්ස් ආයතනයේ මෙරට හා මාලදිවයිනේ නියෝජිතායතනය ලෙස ගිවිසුම් ගතව ඇත.
ඒ අනුව හෙලිකොප්ටර් යානා ඉංජිනේරු සේවා , මෙහෙයුම් සේවා ආදී සියලු සේවාවන් සැපයීමට තම සංවිධානය ඉදිරියේදී කටයුතු කරන බව සී ඒ එස් ආයතනයේ සභාපති සම්පත් රණවීර මහතා මාධ්‍ය වෙත පැවසීය .
ලොව ප්‍රධානම පෙලේ හෙලිකොප්ටර් සමාගමක් වන බෙල් හෙලිකොප්ටර්ස් සමග තම සංවිධානයට මෙසේ ගිවිසුම් ගතවීමට හැකියාව ලැබීම හරහා තම සංවිධානයට මෙන්ම රටක් වශයෙන් ශ්‍රී ලංකාවටද ප්‍රතිලාභ රැසක් හිමිවනු ඇති බව රණවීර මහතා මෙහිදී සඳහන් කළේය.
කොග්ගල ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් ක්‍රියාත්මක වන සී ඒ එස් සංවිධානය දැනටත් ආසියාවේ රටවල් රැසක ගුවන් ගමන් සේවා හා සංවිධාන සමග එක්ව කටයුතු කරන ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් සංවිධානයකි.