නවතම පුවත්

Commando Footslog ඇරඹේ

අසංක

අසංක

යුද හමුදා කොමාන්ඩො බළකායේ 40 වැනි සංවත්සරයට නිමිත්තෙන් පැවැත්වෙන ‘කොමාන්ඩො පා සටහන්’ (Commando Footslog) අද ආරම්භ විය.

අද සිට ගාල්ල, මහනුවර, හලාවත සිට පා ගමනින් කොළඹ බලාපැමිණෙන කොමාන්ඩො සෙබළුන් 07 වැනිදා කොළඹට ළගාවන අතර 08 වැනිදා ගාලු මුවදොර පිටියේදී ‘යුගයේ ත්‍රාසජනකම හෝරා තුන’ මැයෙන් සංදර්ශනයක් පැවැත්වීමට සුදානම් කර තිබේ.

කොමාන්ඩො සටන්, පැරිෂුට් සංදර්ශන, ප්‍රභූ ආරක්ෂක නිරූපනයන්, ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම ඇතුළු නිරූපන අවස්ථා රැසක් මෙම සංදර්ශනයට ඇතුළත්ය.

මාර්තු 08 වැනිදා ගාලුමුවදොර පිටියේදී සවස 3ට මෙම සංදර්ශනය ආරම්භවන අතර එය මුළුමනින්ම ජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව සලසා ඇත.

තිස් වසරක යුද ගිනි නිවා දැමු හමුදා මානුෂීය මෙහෙයුමේ සුවිශේෂී කාර්ය භාරයක නියැලුණු කොමාන්ඩො සෙබළුන්ට ගෞරවයක් ලෙස 08 වැනිදා සවස 03ට ගාලු මුවදොරට පැමිණෙන්නැයි කොමොන්ඩො බළකාය මහජනතාව දැනුවත් කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්