නවතම පුවත්

COVID එන්නතේ දෙවන මාත්‍රාව සති 12කින් ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරටදී ලබා දෙන AstraZeneca Covishield එන්නතේ දෙවන මාත්‍රාව සති 12කින් ලබාදීමෙන් වැඩි ඵලදායිත්වයක් පෙන්නුම් කරන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මහතා අද මාධ්‍ය වෙත පැවසීය .
ඊයේ (8) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කොවිඩ් එන්නත්කරණය පිළිබඳ විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරා සඳහන් කළේ, දෙවන මාත්‍රාව සති 4කින් ලබා දීමට වඩා සති 12කින් ලබා දීම තුළින් වඩා වැඩි ප්‍රතිශක්තීරණයක් ලැබෙන බවට සාක්ෂි පවතින බවයි.

කෙසේ වෙතත් මෙය සාකච්ඡා මට්ටමේ පවතින කරුණක් බව ව්‍යෛවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

දැනට නිර්දේශ වී ඇත්තේ, සති 4කින් දෙවන මාත්‍රාව ලබා දීමට වුව ද ඉදිරියේදී ලැබෙන සාක්ෂි අනුව දෙවන එන්නත සති 12 කින් ලබා දීමට ඉඩ කඩක් ඇති බව එහිදී සඳහන් කෙරිණ.

යම් හෙයකින් සති 12 කින් දෙවන මාත්‍රාව ලබා දීමේ තීරණයට එළැඹුුුණ හොත් එන්නත් හිඟයක් හේතුවෙන් මෙය කල් යන බවට සමාජයේ වැරදි මත නිර්මාණය විය හැකි බැවින් පූර්වයෙන් මේ පිළිබඳ සඳහන් කර තබන බව ද විශේෂඥ වෛද්‍යවරයා එහදී සඳහන් කර සිටියේ ය.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්