නවතම පුවත්

COVID 19 අරමුදලට මුරලිගෙන් මිලියන 5ක පරිත්‍යාගයක් – අරමුදලේ ශේෂය මිලියන 242 දක්වා ඉහළට

අසංක

අසංක


COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල ශක්තිමත් කිරීම සදහා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා විසින් රුපියල් මිලියන 5 ක මුදලක් ප්‍රදානය කර තිබේ.


මෙම මුදල්ද එකතුව ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ ඊයේ (31) වනවිට COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 242 ඉක්මවා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය සදහනක් කරයි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල මාර්තු මස 23 වන දින ස්ථාපනය කෙරිණි. බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5 ක ඝෘජු තැන්පත් කිරීම් සහ ජනාධිපති ලේකම් කාර්යාලය පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 05 ක් සමගින් 31 වැනිදා පෙ.ව 8.00 වන විට රුපියල් මිලියන 145ක් අරමුදල වෙත බැර වි තිබිණ.


මහජන බැංකුවේ මූල්‍ය කළමනාකරණ ගිණුම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 10ක්, මහජන බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය රුපියල් මිලියන 03ක්, පීපල් ලීසිං, ලීට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ලංකා බැංකුව රුපියල් මිලියන 05 බැගින් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 08ක් සහ අක්බාර් බ්‍රදසර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය පරිත්‍යාග කළ රුපියල් මිලියන 50 සමගින් තැන්පතුවේ ශේෂය රුපියල් මිලියන 242 දක්වා ඉහළ ගොස් තිබිණ.


ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලටදෙස් විදෙස් ඕනෑම අයෙකුට පරිත්‍යාග හෝ ඝෘජු තැන්පත් කිරීම් හෝ සිදු කල හැක.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කෙරේ. චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් ද මුදල් තැන්පත් කිරීමට පිළිවන.
0112354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පාලන) කේ.බී. එගොඩවෙලේ මහතා ඇමතීමෙන් මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට ද හැකි වේ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්