කැප්ටන් කූල් නව ඉනිමක් අරඹයි

ඉදිරි ක්‍රිකට් නිලවරණයේදී උප සභාපති තනතුරක් සඳහා තරක කරන බව අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි. එසේම රට පිළිබඳව අවධානය යොමු නොකරමින් තමන් වෙනුවෙන් පමණක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන පුද්ගලයන් කණ්ඩායමෙන් ඉවත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.  “ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තියෙන්නේ තවත් මාස කිහිපයක් පමණයි. ලෝක කුසලානය  දිනා ගන්න තියා අවසාන තරගවලට එන්න පුළුවන් තත්වයක්වත්…

මෙහේ ඉඳන් කම්හල්වල සේවය කළ ඉන්දියානුවන් රොත්තක්ම දැලේ

නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටිමින් කම්හල්වල සේවය කළ ඉන්දියානු ජාතිකයන් 73 දෙනකු මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 49 දෙනකු සෙනසුරාදා දිනයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම ප‍්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටියදීයි. තවත් 24 දෙනකු ඉංගිරිය ප‍්‍රදේශයේ කම්හලක සේවය කරමින් සිටියදී පසුගිය මාසයේදී අත්අඩංගුවට ගෙන ඇත. වීසා කාලය ඉකුත් වූ…

ආහාර කිහිපයක ආනයනික බදු ඉහළට

අර්තාපල් හා බඩ ඉරිඟුවල ආනයනික බද්ද ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝවක බද්ද රුපියල් 20 සිට 50 දක්වා ඉහල නැංවීමට කටයුතු යොදා ඇති අතර ආනයනික බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 10කින් ඉහල නංවා ඇත. ජනාධිපතිවරයාගේ නිර්දේශය හා කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතාගේ අනුමැතිය මත මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ. පැතුම් වික්‍රමරත්න

ඉදිරි සතිවල අත්‍යාවශ්‍ය ආහාරවල හිඟයක්!

ලබන සතියේ දී අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍යවල හිගයක් මතුවිය හැකි බව අත්‍යාවශ්‍ය ආහාර ආනයනකරුවන්ගේ සහ වෙළෙදුන්ගේ සංගමය පවසයි. දින කිහිපයක සිට කි‍්‍රයාත්මක රේගු වැඩවර්ජනය ඊට හේතුවී ඇතැයි එම සංගමය පෙන්වා දෙයි. මේ වනවිටත් ආනයනික ද්‍රව්‍ය මුදාහැරීමේ සහ ආනයනික කටයුතු ඇණහිට ඇති බවත් මේ හේතුවෙන් ලබන සතියේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් මතුවිය හැකි බවත් එම සංගමය අවධාරණය…

ශ්‍රී ලංකා පොලිසියේ අධ්‍යාපන මට්ටම මෙන්න

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ සේවය කරන නිළධාරීන්ගේ අධ්‍යාපන මට්ටම පිලිබද http://thecolomboexpress.com අප කල සොයා බැලීමකදි 1998 වසරේ සිට 2018 දක්වා වසර 20 කාල පරාසය තුල පහත තොරතුරු සොයා ගැනීමට හැකි වූ අතර 2018 වසරේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුවේ ආචාර්්‍ය උපාධිය ලැබූ නිලධාරියෙක් සීටිමද විශේෂත්වයක් ලෙස සදහන් කල හැකි වේ. ගයාන් කුමාර වීරසිංහ අධ්‍යාපන මට්ටම 1998…

ජාතික ආණ්ඩුව හැදෙයි ද? කැඩෙයි ද? ලබන සතියේ විමසයි

ජාතික ආණ්ඩුවක් බිහි කර ඇමතිධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා එක්සත්ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාව ලබන 07 දින විවාදයට ගැනීමට නියමිතව ඇත. එදින විවාදය අවසානයේ යෝජනාව සම්භන්ධව ජන්ද විමසීමක් කිරීමටද නියමිතව ඇත. ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින් අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමට අදාළ යෝජනාවක් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කථානායකවරයා වෙත පසුගියදා ඉදිරිපත්…

කොළඹ නුවර අධිවේගය හදන්න චීනයෙන් ඩොලර් බිලියනයක ණයක්

කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සඳහා චීනයෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත. මේ සඳහා චීන රජය දැනටමත් එකඟතාවය පළකර ඇති අතර ඒ අනුව අදාළ ගිවිසුම කඩිනමින් අත්සන් තැබෙනු ඇති බව චීනයේ මෙරට තානාපති කරුණාසේන කොඩිතුවක්කු මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය’ මෙම ණය මුදල කොළඹ නුවර අධිවේගී මාර්ගයේ…