ණය පිට ණය මැද චීනයෙන් ශ‍්‍රී ලංකාවට තවත් ණයක්

චීනයෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට ශ‍්‍රී ලංකා රජය වෙත අනුමැතිය හිමිව තිබේ. ඒ මධ්‍යම අධිවේගී මාර්ගය තැනීම සදහායි. ශ‍්‍රී ලංකාව මෙම ණය මුදල ලබාගැනීමට කටයුතු කර ඇත්තේ මේ වසරේදී විදේශ ණය වෙනුවෙන් ඩොලර් බිලියන 5.9ක් ගෙවීමට තිබියදීයි. මෙරටට වැඩිම විදේශ ණය මුදලක් හිමිව ඇත්තේ චීනයෙනි. මහාද්වීප යා කෙරෙන වෙළෙද මාර්ගයේ ප‍්‍රධානතම මධ්‍යස්ථානයක් බවට…

කන්ටේනර් රියදුරන් රේගු වර්ජනයට එක්වෙයි

රේගු නිලධාරීන් විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සහයෝගයක් වශයෙන් වාප්පු ලිපිකරුවන්, කන්ටේනර් රථ රියැදුරන් හා රේගු නියාමක නිලධාරීන් හෙට (05දා) දින සිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව ශ්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. තම සන්ධානය යටතේ සිටින සාමාජිකයන් උදෑසන 8.00 සිට මෙම ක්‍රියාමාර්ග දියත් කරන බවත්,…

මාලි ප්‍රහාරයෙන් මියගිය හමුදා නිලධාරින්ගේ සිරුරු ගෙනඑයි

එක්සත් ජාතීන්ගේ මාලී සාම සාධක හමුදා සේවයේ නිරතව සිටියදී පසුගිය 25 වැනිදා බෝම්බ ප්රරහාරයකට ලක්ව මියගිය යුධ හමුදා සාමාජිකයන් දෙදෙනාගේ සිරුරු අද (04) සවස 3.10 ට පමණ ගුවන් මගින් කටුනායක ගුවන්තොටුපලට ගෙනවිත් ඇත. මේජර් එච්.ඩබ්ලිව්.ඩී. ජයවික්රයම සහ සැරයන් S. S. විජේකුමාර ගේ දේහයන් මෙසේ එක්සත් ජාතීන්ගේ ධජවලින් ආවරණය කොට මෙරටට රැගෙන ආ බව යුධ හමුදා…

71 වන නිදහස් දින උත්සවයෙන් (PHOTO)

71 වන ජාතික දින සැමරුම් උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ගාලූ මුවදොර පිටියේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි. මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්, විදෙස් තානාපතිවරු ඇතු`එ රාජ්‍ය තාන්ත්‍රිකයින්, මැති ඇමතිවරු,…

මෛත්‍රිගෙ අලුත් පළදනාව

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2015 ජනාධිපතිවරණයේ පටන් ඔහුගේ ඇදුම් පැළදුම් නිසා කතාබහට ලක්වන්නෙකි. 71 වැනි නිදහස් දින සැමැරුම ගාලු මුවදොර අද දින පැවැති අවස්ථාවේ මෛත්‍රිපාල සිරිසේන මහතා ජාතික ඇදුමට අලුත් පළදනාවක් එක්කර තිබුණේය. ඒ රන් පැහැති රාජ්‍ය ලාංඡනයකි. බොහෝවිට රාජ්‍ය නායකයන් ජාතික ඇදුමට ජාතික ධජය පැළැදීම සාමාන්‍ය දෙයකි. බොහෝ දේශපාලඥයෝ ජාතික ඇදුමටත්, ඇතැම්විට සමාන්‍ය ඇදුමේ…

G+ වසා දැමේ – දත්ත රැකගන්නේ මෙහෙමයි

ගූග්ල් සමාගමේ Google Plus සමාජ ජාලය වසා දැමීමට එම සමාගම තීරණය කර තිබේ. එබැවින් එහි ඇති ඔබගේ දත්ත ආරක්ෂා කරගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පරිවර්තන සමූහය නිවේදනය කර ඇත. එම නිවේදනය පහත දැක්වේ. “2011 වසරේදී ගූගල් සමාගම හදුන්වාදුන් Google Plus සමාජ ජාල අඩවිය වසා දැමීමට කටයුතු කරන බවට පසුගියදා නිල වශයෙන් එම සමාගම දැනුම්දී තිබෙනවා.පරිශීලකයන් මිලියන…

ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධයි – ජනපති ජාතිය අමතා කියයි

ඇමති ධුර වැඩිකරගැනීමේ අරමුණින් සිදුකෙරෙන ජාතික ආණ්ඩු සංකල්පයට ජනාධිපතිවරයා අද ජාතිය අමතන අතරතුරදී සිය විරෝධය පළකළේය. ඒ අදට යෙදී තිබූ 71 වැනි නිදහස් දින සමරුවේදී ය. එක් මන්ත‍්‍රීවරයකු පමණක් සිටින පක්ෂයක් සම්බන්ධ කරගනිමින් ආණ්ඩු පක්ෂය ජාතික ආණ්ඩුව ගොඩනැගීමට එකග විය නොහැකි බව හෙතෙම සදහන් කළේ ය. ජනතාව අපේක්ෂා කරනුයේ 25 දෙනකුගෙන් යුත් ඇමති මණ්ඩලයකට බව…

චන්ද්‍රිකා ෆොන්සේකා නිදහස් උළෙල මගහරිති

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා 71 වැනි ජාතික නිදහස් උත්සවයට එක්විය. කෙසේ වෙතත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා එක් නොවීය

ජාතික ආණ්ඩු යෝජනාව ගැන විපක්ෂයේ තීන්දුව හෙට

ජාතික ආණ්ඩුවක් බිහිකිරීම සඳහා ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක නිරතවිමට විපක්ෂය සූදානම්වේ. හෙට(05) දිනයේ රැස්වන විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිලිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය. පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවට තවත් දැවැන්තම පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ලකුණු 516ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149ක් පමණි. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියන 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය. පළමු ටෙස්ට් තරගය…

’අප සිටින්නේ අළුවලින් වැසුණු ගිනිගොඩකයි’- ජනපති

‘අප අද සිටින්නේ අළුවලින් වැසී ගිය ගිනිගොඩක’ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නිදහස් දින සමරුවේදී ජාතිය අමතමින් පැවැසීය. යෝජිත ජාතික ආණ්ඩුව පිළිබද ජනාධිපතිවරයා මෙහිදී අප‍්‍රසාදයෙන් යුතුව අදහස් දක්වනු දැකගත හැකිවීම විශේෂත්වයකි. ‘නිදහස යන සංකල්පය කිසිදු මිම්මකින් මැනිය නොහැකි සේම වත්මන් නිදහස කිසිදු නිර්වචනයකින් කිව නොහැකි තරමට එය සංකීර්ණ වී ඇත. 30 අවුරුදු යුද්ධය අවසන් වී…

මෙරට නිදහස වෙනුවෙන් Google වෙනස් වෙයි

ශ‍්‍රී ලංකාව අද දින සමරන 71 වැනි නිදහස් සමරුව වෙනුවෙන් ගූගල් වෙබ් බ‍්‍රවුසරයේ මුහුණත වෙනස් කර තිබේ. විශේෂ දින, විශේෂ පුද්ගලයන් වෙනුවෙන් වෙන්වුණු ගූග්ල් සංකේතයට ශ‍්‍රී ලංකා කොඩිය යොදමින් මෙලෙස නිදහස් දින සමරනු දැකිය හැකිය. ප‍්‍රබෝධා හෙට්ටිආරච්චි