රේගුවේ අකුරට වැඩ නවතී

අකුරට වැඩකිරීමේ කි‍්‍රයාමාර්ගය අත්හැරීමට රේගු නිලධාරීන් තීරණය කර තිබේ. ඒ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එහි අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි සේවයේ පිහිටුවන බවට රේගු නිලධාරීන්ට දැනුම් දීමෙන් පසුව බව වාර්තා වේ.

ප්‍රාදේශියසභා මන්ත්‍රිවරුන් දෙදෙනෙකුත් මධුෂ් එක්ක කොටුවෙලා

ඩුබායි හිදි අත්අඩංගුවටගත් පාතාල කල්ලි සාමජිකයන් අතරේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනකුත් සිටින බවට තොරතුරු වාර්තා වේ. මේ වන විට ඔවුන් හදුනා ගමින් සිටින බවත් මේ අතර කොළඹ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ අලුත් කඩේ අජිනි ගිල්බට් ෂියාන් ද දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මිරිස්සේ සුද්දා නම් වූ ප්‍රභල පාතාල සාමාජිකයාද මෙම පිරිස අතර සිටිති. මේ…

STF ලතීෆ්ට වසරක සේවා දිගුවක්

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  එම්.ආර්.ලතීෆ් මහතාට වසරක සේවා දිගුවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු මුළු අමාත්‍ය මණ්ඩලයේම එකගත්වය මත මේ පිළිබද යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ‌ලතීෆ් මහතා විශ්‍රාම ගැනීමට නියමිතව තිබූ අතර ඔහුගේ සේවා කාලය තුළ කරන ලද පාතාලය හා මත්කුඩු වැටලීම් ආදිය මෙන්ම ජ්‍යෙෂ්ඨත්වය ද…

රුපියල තවත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා රුපියල අද (05) දින නැවත වරක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශක්තිමත් විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 174.9847 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු.178.8381ක් ලෙසින් සටහන් විය. ඩොලරයේ විකුණුම් මෙලෙස මුල් වරට රු. 179 සීමාවෙන් මෙපිටට…

වෙනිසියුලාවේ සිවිල් යුද්ධයක් ඇරඹෙන ලකුණු

ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ස්පාඤ්ඤය ආදී යුරෝපීය රාජ්‍යයන් විසින් වෙනිසියුලාව තුළ කඩිනම් මැතිවරණයක් පවත්වන ලෙස ලබාදී තිබූ කඩඉම් කාලය අවසන් වීමත් සමග, ගුආයිදෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනපති ලෙස පිළිගැනීමට යුරෝපා සංගමයට අයත් රාජ්‍යයන් කටයුතු කර තිබේ. ඒ අනුව, අද (05දා) බ්‍රිතාන්‍ය සහ ස්පාඤ්ඤය විසින් ගුආයිදෝ වෙනිසියුලාවේ අන්තර්වාර ජනපති ලෙස නිල වශයෙන් පිළිගන්නා ලද අතර, ප්‍රංශ විදේශ අමාත්‍යවරයා කියා තිබුණ් ගුආයිදෝට ජනපති…

දූෂණ අක්‍රමිතා කල ක්‍රීඩයකයන්ගේ නම් හෙළි කරන‍්න

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුව ඇතැයි පැවැසෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවත්වන පරීක්ෂණ සම්බන්ධයන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බව හිටපු ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි. Cricket next පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. “ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය එක නමක්වත් එළියට දාන්නේ…

අවධානයෙන් ඉන්න – ATM කාඩ් වංචාවක්

තම ඒටීඑම් කාඩ්පත් සම්බන්ධ හුවමාරු සහ බැංකු ගිණුම්වල සැකසහිත මුදල් හුවමාරු පිළිබද වහාම අදාළ බැංකු වෙත දැනුවත් කරන ලෙස ජනතාවට දැනුම්දීමක් කර තිබේ. ශ‍්‍රී ලංකා ගෙවීම් කාඩ්පත් වෙළෙද සංගමය සහ ශ‍්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත. තම ඒටීඑම් කාඩ්පත් මගින් වංචාසහගත සහ සැකසහිත මුදල් හුවමාරු සිදුවී ඇති බවට පාරිභෝගිකයන් කිහිපදෙනකුගෙන් ලද…

මධුෂ් කොටු වුන තැන නළුවෙකුත් ඉදලා (PHOTO)

මාකදුරේ මධුෂ් ඇතූලු පිරිස අත්අඩංගුවට පත්වන්නේ මධුෂ්ගේ බාල දරුවාගේ උපන්දින සාදයේදී බව ආරංචි මාර්ග අනාවරණය කලේය. එම දරුවා වැලිකඩ බන්ධනාගාර ගැටුමේදී මිය ගිය කලු තුෂාර නැමැත්තාගේ බිරිදට දාව උපන් දරුවෙක් බව ආරංචිමාර්ග සදහන් කරයි. ගායක අමල් පෙරේරාට අමතරව ඔහුගේ පුතාද මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍ය නලුවෙක් වන රයිස් නැමැති නළුවාද අත්අංඩංගුවට ගත් පිරිස අතර සිටින බව…

සිල්රෙදි නඩුවේ අභියාචනයට දින තීන්දු වෙයි

තමන්ට සිරදඩුවම් නියම කරමින් කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම් ලබන මාර්තු 8 වැනිදා සිට විභාග කිරීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. අදාළ අභියාචනා පෙත්සම් අභියාචනාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතා ඉදිරියේ අද කැදවනු…

ඇලෝෂියස්ගේ පියාගේ සිංගප්පූරු ගමන නවතී

මහබැංකු බැදුම්කර වංචාවේ ප්‍රධාන සැකකරුවකු වන අර්ජුන ඇලෝෂියස් මහතාගේ පියා වන ජෙෆ්රි ඇලෝෂියස් මහතා සිංගප්පූරුවට යාමට කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්තත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද ප්‍රතික්ෂේප කළාය.තමන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා සිංගප්පූරුවට යාම සදහා අවසර ලබාදෙන ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝෂියස් මහතා අධිකරණයට ඉල්ලීමක් කර තිබුණි. නමුත් අදාළ ඉල්ලීම තහවුරු කිරීමට අවශ්‍ය…

මරු කැදවූ කතුරු ඔන්චිල්ලාව නිසා නයිවල ළමා උද්‍යානය වසා දැමේ

කතුරු ඔන්චිල්ලාවක් කඩා වැටීමෙන් කාන්තාවක සහ ඇගේ දියණිය මියයාමේ සිද්ධියට අදාළ වේයන්ගොඩ නයිවල ළමා උද්‍යානය තාවකාලිකව තහනම් කරන ලෙස අත්තනගල්ල මහේස්ත්‍රාත් අශෝකා පතිරණ මහත්මිය නියෝග කර තිබේ. අදාළ සිද්ධිය වූ ස්ථානයට පොලීසිය සමග මහේස්ත්‍රාත්වරිය ගොස් සිදුකළ මූලික පරීක්ෂණයෙන් අනතුරුව අදාල නියෝගය නිකුත් කර ඇත. මෙම සිද්ධියට අදාළ පුද්ගලයන් නොපමාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස…

පාතාලෙ රජා මධුෂ් කොටුවෙයි – ජනප්‍රිය ගායකයකු ඇතුළු පාතාලෙ රොත්තක්ම ඒ අතර

ශ‍්‍රී ලංකා පොලීසිය සහ ඩුබායි පොලීසිය එක්ව කළ රහස් මෙහෙයුමකින් අනතුරුව මාකදුරේ මධූෂ්, කංජිපානි ඉමිතියාස්, කෙසෙල්වත්තේ දිලූප සහ මෙරට ප‍්‍රසිද්ධ ගායකයෙක් ඇතුළු පිරිසක් කොටු කරගෙන තිබේ. ඩුබායිහි පිහිටි හෝටලයක් තුළ දී මෙම පිරිස කොටුකරගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා The colombo Express වෙත සනාථ කළේය. දීර්ඝ…