ATM ගනුදෙනු ගැන මහබැංකුවෙන් නිවේදනයක්

මේ දිනවල මතුවී ඇති බැංකු ඒටීඑම් කාඩ්පත් වංචා සම්බන්ධයෙන් ගත යුතු ආරක්ෂිත පියවර සෙසු පාර්ශ්ව සමග එක්ව දැනටමත් තහවුරු කොට ඇතැයි ශ‍්‍රී ලංකා මහබැංකුව පවසයි. ලංකා ක්ලියර් සමාගම හා බලපත‍්‍රලාභී බැංකු සෙසු පාර්ශ්වයන් වේ. ඒටීඑම් වංචා කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවන්ගෙන් ලද තොරතුරු මත මෙම වංචාව පිළිබද විමර්ශන පවත්වා අදාළ පියවර ගෙන ඇත. කෙසේනමුත් නිරන්තරයෙන් ඒටීඑම් කාඩ්පත්…

ප්‍රභූ ඝාතන තැත ගැන ජනපතිගෙනුත් රහස් පොලීසියට ප්‍රකාශයක්

ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කල වාර්තාව ඉදිරි සති 02 ක කාලය තුළ නීතිපතිවරයා වෙත භාරදීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. රහස් පොලීසිය අයත් අමාත්‍යාංශය තමා යටතට පත්කර ගැනීමෙන් අනතුරුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කඩිනමින් සිදුවන බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු‌වේදී අද කියා සිටියේ…

බැඳුම්කර වංචාවේ හඬපට රජයේ රස පරීක්ෂක හමුවට

ආන්දෝලනාත්මක බැඳුම්කර වංචාව පිළිබද සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පර්පෙචුවල් ටේෂ‍රරීස් සමාගම විසින් ලබාදුන් දුරකතන හඬපටවලට අදාළ අනුපිටපත් රජයේ රසපරීක්ෂකවරයා වෙත වහාම යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය රහස් පොලීසියට අද නියම කළේය. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් බැඳුම්කර කොමිසම වෙ ත ලබාදී තිබූ දුරකතන හඩපටවල දෝෂ සහිත තත්වයක් පත්කර ඇති බැවින්…

වෙනිසියුලාවේ අර්බුදය: දේශපාලන තත්ත්වය උත්සන්න වූයේ කෙසේද?

සිය සමාජවාදී ජනාධිපති නිකොලොස් මධුරෝ අසුනින් පහකිරීමේ දැඩි ප‍්‍රයත්න මධ්‍යයේ වෙනිසියුලානු දේශපාලන අර්බුදය වඩාත් උණුසුම් තත්වයකට පත්වෙමින් ඇතැයි පෙනෙන්නට තිබේ. දකුණු අමෙරිකානු රටක් වූ වෙනිසියුලාවේ වසර ගණනක් තිස්සේ වැඩෙමින් ආ දේශපාලන අතෘප්තිකර බවට හසුවූ රටම උඩුයටිකුරු වෙමින් පවතී. අහස උසට නැගෙන අධිඋද්ධමනය, විදුලි කප්පාදුව, ආහාර හා ඖෂධ හිගය මෙම දේශපාලන අර්බුදය නමැති ගින්නට තව තවත්…

මරණ දඬුවමින් නිදහස් කරන්නැයි වාස්ගේ ඉල්ලීම සළකා බැලේ

බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් නමැති අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනකු තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා පෙත්සම් මාර්තු 12 වැනිදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් අද තීරණය කළේ ය. අදාළ අභියාචනා පෙත්සම්…

රුසියාව නව මිසයිල පද්ධතියක් සැකසීම අරඹයි

රුසියාව නව මිසයිල පද්ධතියක් සැකසීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව විදෙස් වාර්තා පවසයි. මධ්‍යම පරාස න්‍යෂ්ටික බල ප්‍රඥප්තියෙන් ඇමෙරිකාව මෙන්ම රුසියාවද මෑතකදී ඉවත් වූ අතර, මේ සමගම ඔවුන් මෙම නව පියවර ගැනීමට සූදානම් වන බව පැවසෙයි. පසුගිය සතියේදී තමන් මෙම ප්‍රඥප්තියෙන් ඉවත්වන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේය. එමෙන්ම, රුසියාව මෙම ප්‍රඥප්තිය කඩ කරන බවට ඇමෙරිකාව…

මහින්ද ඇතුළු හිටපු ඇමතිවරුන්ගේ පෙත්සම් කැඳවේ

අභියාචනාධිකරණය මගින් ලබාදුන් තහනම් නියෝගයක් ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් විසින් ගොනු කර තිබෙන අභියාචනා පෙත්සම් මාර්තු මස 14 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. අදාළ අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදී එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ…

දිමුත් කරුණාරත්න නායකත්වයට පත් වෙයි

දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය සඳහා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම්කර ඇති බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් කියැවේ. කණ්ඩායමේ උපනායකයා වශයෙන් නිරෝෂන් දික්වැල්ල පත්කර ඇති අතර ටෙස්ට් නායකයාව සිටි දිනේෂ් චන්දිමාල්ට කණ්ඩායමේ සාමාජිකත්වයද අහිමි වී තිබෙන බවත් දැනගන්නට ඇත.  ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් පස් දෙනකු ඇතුළත්ව සිටින අතර පළපුරුදු…

පොලීසියෙන් කට්ටි පැන්න මධූෂ් ස්වරූපය වෙනස් කරගත් හැටි

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබාසිටියදී රටින් පැන ගොස් සැගව සිටි මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු හා පාතාල නායකයකු වන මාකදුරේ මධූෂ් නීතියෙන් සැගව සිටීමට ස්වරූපය වෙනස් කරගැනීමට ද කටයුතු කර තිබේ. ඔහු පිළිබද පොලීසිය මගින් මුලින් නිකුත් කළ ඡුායාරූප හා පසුව ඔහු අත්අඩංගුවට ගැනීම දක්වා ඔහු ක‍්‍රමයෙන් ඔහගේ ස්වරූපය වෙනස් කර තිබුණේ මෙසේ ය.

හිඟය අවසන් – ජලභීතිකා බෙහෙත් තොගයක් මෙරටට

රෝහල්වල හිඟව පැවති ඖෂධ වර්ග 25කට අධික සංඛ්‍යාවක් කඩිනමින් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත. මේ අනුව හිඟව පැවති ජල භීතිකා ප්‍රතිශක්තීකරණ එන්නත් තොගයක් මේ වන විටත් මෙරටට ආනයනය කර ඇති අතර තවත තොගයක් මෙම සති අන්තයේ ආනයනය කිරීමට නියමිතව තිබේ. මීට අමතරව මහරගම අපේක්ෂා රෝහලේ හිඟව පැවති ඖෂධ වර්ග 15ක් අතුරින් 7ක් කඩිනමින්…

මධූෂ් අත්අඩංගුවට ගැනීමේ සැලසුම එළියට – ගායිකාවකගේ දියණියකුත් අත්අඩංගුවට

මධූෂ් අත්අඩංගුවට ගැනීමේ ප්‍රධාන මහ මොළකරු වන්නේ ඩුබායි හී සිටින මොරීන් නැමැත්තා බව අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි. මධුෂ් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සියලුම තොරතුරු ආරක්ෂක අංශ වෙතට ලබාදී ඇත්තේ මොරීන් බව පැවසේ. පසුගිය වසරේ දෙවුන්දරදී පොලිසියෙන් කියා පැමිණ මොරින්ට අයත් කුඩු කිලෝ 128 රැගෙන ගොස් ඇත්තේ මධුෂ්ගේ කල්ලියයි. එලෙසම මොරීන් යටතේ තිබූ කුඩු ඒකාධිකාරය සහ ඔහුගේ…

මධ්‍යම පළාතේ රාජ්‍ය සේවා කොමිසම මෛත‍්‍රී විසුරුවයි

මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසම වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර ඇත. පසුගිය කාලයේ පළාත් රාජ්‍ය සේවා කොමිසම ගත් තීරණ හේතුවෙන් මේ ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වූ බව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සඳහන්කර සිටී. මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමට නව සාමාජිකයින් පත් කිරීම සතියක් ඇතුළත සිදු කරන බව ද ආණ්ඩුකාරවරයා පැවසුවේ ය. පැතුම් වික්‍රමරත්න