උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහි නඩුවේ තීන්දුව ලබන මාසයේ

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා පවරා තිබෙන නඩුවේ තීන්දුව ලබන මාර්තු 01 වැනිදා ප‍්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා අද සදහන් කළේ ය. උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව පවරා තිබූ මෙම නඩුවේ පැමිණිල්ලේ සහ විත්තියේ සියලුම සාක්ෂි සහ දේශන අවසන් වීමෙන් අනතුරුව අදාළ තීන්දුව ප‍්‍රකාශයට…

හිටපු අගවිනිසුරුට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි

අධිකරණයට අපහාස කරන ලදැයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිිලි විභාගයෙන් තමන් ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පි‍්‍රයන්ත ජයවර්ධන මහතා අද දන්වා සිටියේ ය. අදාළ පැමිණිල්ල අද සළකා බැලූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පි‍්‍රයන්ත ජයවර්ධන මහතා දන්වා සිටියේ පෞද්ගලික හේතුවක් මත අදාළ පැමිණිලි විභාගයෙන් තමන් ඉවත් වන බවයි. ඒ අනුව අදාළ…

ජොනීව ගන්න එජාප ප්‍රබලයෝ රහස් සාකච්ඡාවක

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා , යලි එක්සත් ජාතික පක්ෂයට එක්කර ගැනීම සඳහා එම පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් පිරිසක් මේ දිනවල උත්සාහ දරමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර සිටී. එජාපයේ ප්‍රබලයින් කිහිපදෙනෙකු හා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අතර පසුදිනවල මේ සම්භන්ධව රහස් සාකච්ජාවක්ද පැවැත්වී ඇති බව එජාප හිතවාදී සමාජ මාධ්‍ය කිහිපයක් වාර්තා කර ඇත. එජාපයේ…

රාජ්‍ය ආයතන දෙකක සභාපති ධූරය කිෂූ ගෝමස්ට

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන කිෂූ ගෝමස් මහතා පත් කර තිබේ. සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් අදාළ පත්වීමේ ලිපිය ඊයේ (06) දින කිෂූ ගෝමස් මහතා වෙත පිරිනමනු ලැබීය. ලොව ප්‍රමුඛතම බහුජාතික සමාගමක් වන…

වෙලේසුදාගේ මරණ දඩුවම ඉවත් කරන අභියාචනය විභාගයට

කොළඹ මහාධිකරණය මගින් තමන්ට ලබාදී තිබෙන මරණ දඩුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගම්පොළ විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේසුදා නමැත්තා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම ලබන 15 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ද තීරණය කළේය. අදාළ අභියාචනා පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන දීපාලි විජේසූන්දර මහත්මිය සහ අචල වෙන්ගප්පුලි මහතා ඉදිරියේ සළකා බැලිණි. 2008 වසරේදී ගල්කිස්ස ප‍්‍රදේශයේ දී…

මීගමුවට සෞඛ්‍යරක්ෂිත නව මල අපවහණ පද්ධතියක්

මීගමුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මලාපවාහන ව්‍යාපෘතිය ඉදිකිරිමේ දී හා ක්‍රියාත්මක කිරිමේ දී පරිසරයට කිසිදු හානියක් හෝ මහ ඔය සහ ප්‍රදේශයේ මුහුදු ජලය දූෂණය වීමක් සිදු නොවන ආකාරයටත් සිව් පා සතුන්ට හානියක් නොවන ආකාරයටත් වග බලා ගත යුතු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නගරාශ්‍රීත සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ වැඩසටහන…

ග්ලයිෆොසේට් හා වකුගඩු රෝග පර්‍යේෂණ වෙනුවෙන් මෙරට මහාචාර්යවරු දෙදෙනෙකුට අමෙරිකාවෙන් සම්මානයක්

දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද කීර්තියට පත් මෙරට මහාචාර්යවරුන් වන චන්න ජයසුමන හා සරත් ගුණතිලක යන මහත්වරුන් සම්මානයෙන් ඇගයීමට විද්‍යා ප්‍රවර්ධනය සදහා වන අමෙරිකානු සම්මේලනය තීරණය කර තිබේ. ඒ නිධන්ගත වකුගඩු රෝග හා ග්ලයිෆොසේට් අතර ඇති සම්බන්ධතාව අනාවරණය කරගැනීම වෙනුවෙනි. මේ අනුව විද්‍යාත්මක නිදහස හා වගකීම වෙනුවෙන් පිදෙන සම්මානයෙන් මහාචාර්යවරුන් පිදුම් ලැබීමට නියමිතය. සිය පෞද්ගලික…

අල්ලස් ගත් කළුතර ප‍්‍රා. සභා හිටපු සභාපති වසර 5ක් හිරේට

රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ලබාගන්නා ලදැයි චෝදනාවකට වරදකරු වූ කළුතර ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ නමැති අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩසහිත වසර 05ක සිරද`ඩුවමක් අද නියම කළේය. ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ 30ක අල්ලසක් ලබාගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නගා තිබුණි. ‌ඉෂාර රත්නකාර

ජනාධිපති අපේක්ෂකයා ගැන මෛත්‍රී මහින්ද ඒකමතික තීරණයක

මෛත්‍රී මහින්ද සුසන්යෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණයට තනි අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ඒකමතික තීරණයක් ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 දෙනාගේ කණ්ඩායම අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය. මෙහෙදී මාධ්‍ය ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා”ඉදිරි මැතිවරණ සියල්ලම ශ්‍රීලනිපය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුළුල් සන්ධාන ඔස්සේ තරග කිරීමට තීරණය කර තිබෙනවා, එහිදී අපි ඉදිරිපත් කරන්නේ…

චන්දිමාල් දේශිය ක්‍රිකට් පිටියට මුදා හරි

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර තිබේ. උපනායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල තවදුරටත් කටයුතු කරනු ලබයි. ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්ව සිය රිද්මය නැවත ලබා ගැනීම වෙනුවෙන් දේශිය තරග බිමට මුදා හැරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇත. තරගාවලිය සඳහා 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්…

ට්‍රම්ප් – කිම් ජොන්ග් හමුව වියට්නාමයේදී 27-28

උතුරු කොරියාව සමග න්‍යෂ්ටිකහරණය සම්බන්ධ දෙවැනි සාකච්ඡා වටය මෙම මස අවසාන භාගයේදී සිදුකරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඇමෙරිකානු නායකයා මෙසේ අදහස් දක්වා සිටියේ එරට කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) ඉදිරියේ වාර්ෂිකව සිදුකරන ‘ස්ටේට් ඔෆ් ද යූනියන්’ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනි.කෙසේ වෙතත්, මෙවර වාර්ෂික කතාව සුපුරුදු දින වකවානු ඉක්මවා යමින් සිදුවූයේ ට්‍රම්ප් යෝජනා කළ මෙක්සිකෝ දේශසීමා තාප්පය…

මධූෂ් එක්ක රියැලිටි තරු සහ නළු නිළියෝ 16ක් ඉඳලා

පාතාල නායකයකු හා මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කාර මාකඳුරේ මධූෂ් අත්අඩංගුවට ගන්නා විට එහි සිටි මෙරට රියැලිටි තරු හා ගීත ගයන නළු නිළියන් 16ක් ද සිට ඇතැයි වාර්තා වේ. ඩුබායිහි පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සමඟ අනුබද්ධව මෙරට රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔවුන් හඳුනාගනිමින් සිටින බව The colombo Express වෙත අනාවරණය විය. සිය අනියම් බිරිඳගෙන් මධූෂ්ට…