SLPMCS ආයතනයේ නව සභාපතිවරයා වැඩ භාරගනී

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අනුබද්දිත පෞද්ගලික ආයතනයක් වන ශ්‍රී ලංකා වරාය කළමණාකරන සහ උපදේශන සේවා පෞද්ගලික සමාගමෙහි  (Sri Lanka Ports Management and Consultancy Services (pvt) Ltd).  (SLPMCs)  නව සභාපතිවරයා ලෙස  පුෂ්පික සංජය සමරකෝන් මැතිතුමා පත්කර ඇත. පහත ඡායාරෑපයෙන් දැක්වෙන්නේ එතුමා නව තනතුරෙහි  වැඩ භාරගත් අවස්ථාවයි

බුද්ධි මණ්ඩල (Think Tanks) අතර ලංකාවටත් තැනක්

ශ්‍රී ලංකා රජය පර්යේෂණ හා බුද්ධි මණ්ඩල (Think Tanks) හඳුනාගෙන ඒවාට ආයෝජනය කිරීමට අපොහොසත් වී ඇති බව ශ්‍රී   ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන  ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අසංග අබේගුණසේකර මහතා පවසයි. පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ ලූඩර් ආයතනයෙහි බුද්ධි මණ්ඩල සහ සිවිල් සමාජ පිළිබඳ වැඩසටහන මගින් ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනය (INSSSL) ආසියා පැසිෆික් කාණ්ඩයේ ප්‍රධාන බුද්ධි මණ්ඩල (Think…

තෙල් මිල වැඩිවීම ගැන මුදල් ඇමති දැන් කියන දේ

මෙරට ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් රටවල් කිහිපයක් හා සසදමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප‍්‍රස්තාරයක් ඉදිරිපත් කර සිටියි. 2017 සිට මේ දක්වා වන ඉන්ධන මිල සංශෝධනය එමගින් දැක්වේ. එම ප‍්‍රස්තාරයට අනුව මෙරට ඉන්ධන මිල ඉහළ යාම පිළිබද සෙසු රටවලට සාපේක්ෂ ඇත්තේ අවම ඉහළයාමකි. ශ‍්‍රී ලංකාව තුළ ඉන්ධන මිල උච්ඡවචනය මිල සූත‍්‍රයට අනුව සෑම මසකම සිදුකිරීමේ…

ලොවෙන් අඩක්ම උග්‍ර දුගියෝ

ලෝකයෙන් හරි අඩක්ම පාහේ එනම් බිලියන 3කට අධික ජනතාව ජීවත්වන්නේ දිනකට ඩොලර් 2.50කටත් වඩා අඩු මුදලකිනි. මිලියන 567ක් පමණ වෙසෙන අධික ලෙස ණයබරින් යුතු රටවල් 41ක දළ දේශීය නිෂ්පාදිතය, ලොව ධනවත්ම පුද්ගලයින් 7 දෙනාගේ වත්කම් එකතුවටත් වඩා අඩු ය. 21 වැනි සියවසට පා තැබූ මිනිසුන්ගෙන් බිලියනයකට පමණ පොතක් කියවිීමට හෝ අවම වශයෙන් තම අත්සන තැබීමටවත්…

ප්‍රථම වතාවට සුළු හා මධ්‍ය ව්‍යාපාරිකයින් ජාලගත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ තොරතුරු ඇතුළත් දත්ත ඩිජිටල් දත්ත ගබඩාවක් ස්ථාපනය කර තිබේ. එය සිදුකරන ලද්දේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසිනි. මෙමගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකය ජාලයක් පිහිටුවිය හැකි වනු ඇත. මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලක්ෂ එකහමාරක් පමණ ජාතික ව්‍යවසාවසංවර්ධන අධිකාරිය සමග කටයුතු කරනු ලබයි. ව්‍යාපාරික තොරතුරු…

ශ්‍රීලංකා ක්‍රිකට් අදුරු සමය ගැන මාවන් කියයි

සිංහ ධජය රැගත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගෙන් වෙනදා මෙන්ම ක්‍රීඩාංගණ පිරී පැවැති නමුත් ගෙවී ගිය මාස හය හතක කාලය ඇතුළත ඔවුන්ට තම සිතැඟි පරිදි කොඩිය වනන්නටත් අත්පොළසන් දෙන්නටත් අවස්ථාවක් නොවීය. සැමදාම පාහේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ක්‍රීඩා පිටියෙන් නික්මී ගෙදර ගියේ කළකිරුණු සිතිනි. නැත්නම් ක්‍රීඩකයන්ට බැණ අඬ ගසමිනි.  ශ්‍රී ලංකාවේ ජීවත් වන අයට වඩා ශ්‍රී…

තෙල් මිල සූත්‍රයට අනුව නව තෙල් මිල

ඉන්ධන මිල සූත්‍රය හෙවත්අ ඉන්ධන මිල සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයට අනුව ඊයේ(11) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගෙයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ඉහළ දමා ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දමා තිබේ. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් ද සුපිරි ඩීසල් ලීටරයක් රුපියල්…

ඉන්දියන් ඔයිල් තෙල් මිලත් ඉහළට

ඉන්දියන් ඔයිල් සමාගමද ඊයේ (11) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ දමා තිබේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ර8ල් මිල සංශෝධනය කිරීමට ඉන්දියන් ඔයිල් සමාගම මෙවර කටයුතු කර නොමැති අතර ඔක්ටේන්…

‘පොහොට්ටුවේ නොවන අය ජනපති අපේක්ෂකත්වයට නෑ‘ – බැසිල්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නොමැති බවත් ඒ සදහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නොමැති බවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුවේ පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස් දක්වමිනි. ඉකුත් 05 වැනිදා සිට ශ්‍රී…

කෘමි ගහනය පහළ යයි – ලෝකයම අනතුරක

ලෝක කෘමි ගහණය ශීඝ්‍රයෙන් පහතවැටීම නිසා ස්වභාවික ආහාර දාමයට බරපතළ ප‍්‍රතිවිපාක එල්ලවනු ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අගවා තිබේ. නවතම සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති අතර එමගින් තවදුරටත් අනතුරු අගවා ඇත්තේ ස්වභාවික පරිසරි පද්ධතිය ව්‍යසනකාරී බිදවැටීමකට ලක්ව ඇති බවය. මෙම අර්බුදය හේතුවෙන් ලොව දැඩි පළිබෝධ උවදුරකට ලක්වීමේ අවදානම ද ඉහළ ගොස් ඇතැයි ඔවුහු පෙන්වා දී තිබේ.…