සායින්තමරුතු ගැටුමේදී මියගිය ත්‍රස්තවාදීන් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

රමේෂ් වරල්ලෙගම කල්මුනේ සායින්තමරුතු ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වු ප්‍රහාරය සම්පුර්ණයෙන්ම පාලනය කිරීමට යුදහමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මීට සුළු මොහොතකට පෙර සමත්විය. ඒ අනුව පිපිරුම් කිහිපයකට සමගාමීව වෙඩි හුවමාරුවකට පැමිණි ත්‍රස්තවාදීන්ව ප්‍රති ප්‍රහාර එල්ල කොට මුළුමනින්ම මෙල්ල කිරීමට යුද හමුදාව පියවර ගෙන ඇත. පොලිසියට ලැබුණු ඔත්තුවකට අනුව පොලිස් විශේෂ කාර්ය බළකාය සමග යුද හමුදාවද…

ප්‍රදේශ 3කට දැන් සිටම යළි දැනුම්දෙන තෙක් පොලිස් ඇදිරි නීතිය

ප්‍රබෝධා හෙට්ටිආරච්චි සමන්තුරෙයි, කල්මුණේ සහ චවලකඩේ ප්‍රදේශවලට මේ මොහොතේ සිට යලි දැනුම්දෙන තෙක් පොලිස් ඇදිරි නීතිය ක්‍රයාත්මක කෙරේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද රාත්‍රි 10 සිට හෙට අලුයම 4 තෙක් පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

සයින්දමර්දු ප්‍රදේශයේ සැකකරුවෙක් පුපුරුවාගනී – වෙඩි හුවමාරුව තවමත්

දම්පත් රණසිංහ අම්පාර, සයින්දමර්දු ප්‍රදේශයේ සැකකරුවකු සිටින බවට ලද දැනුම්දීමකට පසු ආරක්ෂක අංශ එහි වැටලීමට ගිය අවස්ථාවේදී සැකකරු බෝම්බයක් පුපුරුවාගෙන තිබේ. ඒ සමගම තවත් පිරිසක් ආරක්ෂක අංශ වෙත වෙඩි තබා ඇති අතර ආරක්ෂක අංශ ද ප්‍රතිප්‍රහාර ද එල්ල කරමින් සිටියි. මේ වනවිටත් වෙඩි හුවමාරුව සිදුවන බව වාර්තා වේ.

දෙවැනි ප්‍රහාරයේ පුපුරණ ද්‍රව්‍ය සමග IS වීඩියෝවේ තිබූ ඇදුම් ටිකත් හමුවේ

දම්පත් රණසිංහ දෙවැනි ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් කොට තිබී සමන්තුරෙයි ප්‍රදේශයෙන් සොයාගැනුණු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග අයිඑස් වීඩියෝවේ තිබූ තවුහීඩ් ජමාත් සංවිධානයේ සාමාජිකයන් ඇද සිටි කළු පැහැති ඇදුම් තොගය ද හමුවී තිබේ. ආරක්ෂක අංශ මේ වනවිට තවදුරටත් විමර්ශන සිදුකෙරෙමින් පවතී. නිවාස දෙකකින් අතිවිශාල පුපුරණ ද්‍රව්‍ය තොගයක් මෙලෙස හමුවී ඇත.

දෙවැනි ප්‍රහාරයට සූදානම් කළ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

දම්පත් රණසිංහ මෙරට තුළ දෙවැනි ප්‍රහාරය එල්ල කිරීමට සූදානම් කොට තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමන්තුරෙයි නිවාස දෙකකින් සොයාගෙන තිබේ. මෙම පුපුරණ ද්‍රව්‍ය වනාතවිල්ලුවෙන් හමුවූ පුපුරණ ද්‍රව්‍යවලට සමාන බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සනාථ කළේය.

පුපුරණ ද්‍රව්‍ය හදන කොම්පැනියටම පතරොම් හදන්නත් දෙයි!

රමේෂ් වරල්ලෙගම ආරක්ෂක ආමත්‍යංශයේ අනුහසින් මෙරටදී පතරොම් නිෂ්පාදනය කරන සමාගමක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලික එකගතාවන් පළවී තිබෙන බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ද කළම්බො එක්ස්ප්‍රස්වෙත දැනගන්නට ලැබිණි. මෙසේ ජීව පතරොම් නිෂ්පාදනය සදහා අවසර ලබාදීමට මුලික එකගතාවය ඇතිකරගෙන ඇත්තේ මේ වනවිටත් රජයේ අවසරය පරිදි පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන වොටර් ජෙල් පුපුරණ දව්‍ය නිෂ්පාදනය කරන සමාගමයි.…

කොළඹ මුස්ලිම් පල්ලියට කඩු තොගය දුන් එජාප නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

දම්පත් රණසිංහ කොළඹ, කොම්පඤ්ඤවීදියේ මුස්ලිම් පල්ලියක තිබී අද හමුවූ කඩු තොගය ලබාදුන් බව කියන එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීවරයා අද අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පිහිටි දේවස්ථාන රැසක් ආරක්ෂක අංශ විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කරන අතරතුරදී මුස්ලිම් පල්ලියක පූජකවරයාගේ ඇද යට තිබී කඩු 47ක් හමුවී තිබුණි. ඉතා මුවහත් කඩු වන මේවා ආවරණ හෝ නොගලවා තිබූ…

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ශ්‍රී ලංකාවේ අයිසිස් ව්‍යාප්ත වීම ඉදිරිපත් කරයි

ශ්‍රී ලංකාව තුල අයිසිස් සංවිධානයේ ක්‍රියාකාරම් ඇතිවීම පිලිබදව ශ්‍රී ලංකා යුධ හමුදාව මාධ්‍ය නිකුත් කල සටහන. ශ්‍රී ලංකාව තුල ඉස්ලාම් අන්තවාදි සංවිධාන බිහිවීම, ව්‍යාප්තිය සහ වර්ථමාන තත්වය පිළිබඳව 2019 අප්‍රේල් 26 වන දින ජනාධිපති නිළ නිවස තුළදි පවත්වන ලද සාකච්ඡාවේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කරන ලද ඉදිරිපත් කිරීම.

වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ලෙස තුසිත වනිගසිංහ පත්කෙරේ

ආරක්ෂක අමාත්‍යංශයේ වැඩබලන ලේකම්වරයා ලෙස තුසිත පී. වනිගසිංහ මහතා පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු වූ ඒ මහතා 1991 රාජ්‍ය පරිපාලන සේවයට එක් වූ වනිගසිංහ මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙසත් කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙසත් ඔහු කටයුතු කර තිබේ.

කල කිරිම් නිසා සමහර බුද්ධි නිළධාරීන් රට හැර ගියා – ජනපති

පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අඩපණ කිරිම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “ලංකාවේ මානව හිමිකම් ගැන කථා කරලා අපේ පසුගිය අවුරුදු යුද හමුදාව අඩපණ කරපු, බුද්ධි අංශ දුර්වල කරපු ආණ්ඩුවේ බාප්පලා අද මේ ප්‍රහාරයත් එක්ක හිටගන්නවත්…

මීගමුවේ විදූෂාගෙන් ලෝකඩ පදක්කමක්

දෝහා හි පැවැත්වෙන 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදි කාන්තා තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට මීගමුවේ පදිංචි විදූෂා ලක්ෂාන් සමත්වූවාය.

විදෙස් බුද්ධි සේවා 6ක් ලංකාවට

උමංග බණ්ඩාර පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මේ වනවිට රටවල් 6කට අයත් විශේෂඥ පොලිස් කණ්ඩායම් සහ ඉන්ටර්පෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන පරීක්ෂණවලට සහාය වෙමින් සිටින බව සඳහන් වෙයි. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ් යාඩ්, ඇමෙරිකා එක්සත් ජනපදයේ FBI, නවසීලන්ත පොලීසිය, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසිය, ඩෙන්මාර්ක පොලීසිය, නෙදර්ලන්ත පොලීසිය සහ ඉන්ටර්පෝල් යන ආයතන මෙසේ ශ්‍රී ලංකාවේ රැඳී සිටින…