“අරාබියේ වැලි කුණාටුවට අඳින ‘නිකාබ්’ අපේ ගෑණු මෙහේ ගෙනත්” – අසාත් සාලි

නිකාබ් යනු මුස්ලිම් සම්ප්‍රදායට අයත් ඇඳුමක් නොවන බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ කොමිසමට සාක්ෂි දෙමින් කියා සිටියේ ය.

සජිත්ගේ සන්ධානය හංසයාගෙන් මහ ඡන්දෙට

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ‘සමගි ජන බලවේගය’ එළඹෙන මහ මැතිවරණය සඳහා හංස සංකේතය යටතේ තරඟ කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසනායක මහතා පවසයි.

රංගේ බණ්ඩාරගේ පුතාගේ ඩ්‍රයිවින් මාස 6 කට අත්හිටුවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේබණ්ඩාර මහතාගේ රියැදුරු බලපත්‍රය මාස 6 කට අත්හිටුවීමට අධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය කණ්ඩායම පරාජය කරයි

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති පුහුණු තරගයකදී ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායම පරාජය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (18) සමත් වුණා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හමුවේ එක්වරක් පන්දුවාර විස්සයි විස්ස ශූරීයන් වූ සහ තුන්වරක් අනුශූරියන් වූ එංගලන්ත කාන්තා කණ්ඩායම මෙහිදී පරාජය වීම විශේෂත්වයක්.

පලමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර විස්සේදී කඩුලු 09ක් දැවී ලකුණු 122ක් රැස් කළා. පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන කඩුලු 04 ක් සහ නායිකා චමරි අතපත්තු කඩුලු 03 ක් දවා ගත්තා. ලකුණු 123 ක ජයග්‍රාහී ඉලක්කය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කිසිවෙකු නොදැවී පසු කර යාමට සමත් වුණා.

වේගවත් පිති හරඹයක නිරත වූ නායිකා චමරි අතපත්තු පන්දු 50 කදී හයේ පහර 05 ක් සමගින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 78 ක්. පුහුණු තරඟයක් වුව ද ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරඟයේ දැක්වූ දක්ෂතා ක්‍රිකට් විචාරකයින්ගේ පැසසුමට ලක්ව තිබෙනවා.

ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ඉන්න ලාංකිකයන්ට කොරෝනා නෑ

කොරෝනා අසාදිතයින් රැසක් මේ වනවිට වාර්තා වී තිබෙන “ඩයමන්ඩ් ප්‍රින්සස් ” ජපාන නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාට එම රෝගය අසාදනය වී නොමැති බව

2500 නොදුන්නොත් ලංගම වර්ජනයක්!

2019 අයවැයෙන් රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 2500.00 අන්තර් දීමනා මුදල ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංගම සේවකයන්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අවධාරණය කර සිටී

කොරෝනාවලින් ආරක්ෂා වෙන්න මාගම්පුර වරායේ විශේෂ වැඩපිළිවෙළක්

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය තුල විශේෂ සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙලක් දියත් කර ඇත.