සෑම පොහෝ දිනකම මෙරට විශේෂ ආගමික වැඩසටහනක් ඉන්දු මහකොමසාරිස් කාර්‍යාලයෙන්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සංස්කෘතික හා සමාජයීය සබඳතාව වර්ධනය කිරීමේ අරමුණින් , සෑම පොහෝ දිනකම , විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වීමට මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සැලසුම් කර ඇත.

2011 ක්‍රිකට් ලෝක කුසලානය පාවාදීම: විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ අවසන් කරයි

වසර 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකය ක්‍රියාත්මක කළ පරීක්‍ෂණය අවසන් කර ඇත.

විදේශ රැකියා ක්‍ෂෙත්‍රයට 3 අවුරුදු සැලැස්මක්

විදේශ රැකියා ක්‍ෂෙත්‍රයේ ආදායම් ඉහළ නැංවීම සඳහා තුන් අවුරුදු සැලැස්මක් සැකසීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන ඇත .

හම්බන්තොට වරාය සංවර්ධනයට චීන සමාගම් 2ක් එක්වෙයි

හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා චීනයේ ප්‍රධානතම වරාය මෙහෙයුම් සමාගම් දෙකක් වන ෆුජියාන් ප්‍රොවින්ස් කොමියුනිකේෂන් ට්‍රාන්ස්පොටේෂන් ව්‍යාපාර සමූහය සහ ෆූජියාන් ට්‍රාන්ස්පෝර්ට් මැරිටයිම් සිල්ක් රෝඩ් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් මැනේජ්මන්ට් සමාගම එක්වී තිබේ.

ජින්තුපිටිය කොරෝනා රෝගියාගෙන් සමාජ ව්‍යාප්ති අවදානමක් නෑ – සෞඛ්‍ය බලධාරීන්

කොළඹ 13 , ජින්තුපිටිය ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වූ කොවිඩ්-19 රෝගියාගෙන් වෛරසය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

භාරත ඝාතකයකු හිරේ ඉඳන් කළ මත්කුඩු ජාවාරම කාන්තාවක් සමග මාට්ටු

භාරත ලක්ෂ්මන් ඝාතනයට මරණීය දණ්ඩනය නියම වී දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු හා අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් දුරකථනයෙන් කරගෙන යන මත්කුඩු ජාවාරමක් පොලිස් විශේෂ කාර්‍ය බළකාය හෙළිකර ගනී.