කිතුල් රා මදින්නන්ට නඩු පවරන්න එපා – පොලිස් OICලාට දැනුම් දීමක්

කිතුල් ගස්වල රා මැදීම හා එම ගස්වලින් රා නිස්සාරණය කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නඩු නොපවරන ලෙසට පොලිස් මූලස්ථානය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම්දීමක් කර තිබේ.

සහරාන්ගේ ගෝලයෙක් ඔත්තුකරුවකු කළ CID විශ්‍රාමික නිලධාරියාට කොමිසමෙන් දොස්

සහරාන්ගේ කල්ලියේ පුහුණුකරුවෙක් වූ ආමි මොහිදින් නැමැත්තාට වරෙන්තුවක් තිබියදීත් ප්‍රමාණවත් සාක්ෂි නොමැතිබව කියමින් ඔහු අත්අඩංගුවට නොගෙන ඔත්තුකරුවෙක් ලෙස යොදා ගැනීමක් සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකුට චෝදනා එල්ල වී තිබේ.

හූස්ටන්හි චීන කොන්සල් කාර්‍යාලය අක්‍රිය වන අමෙරිකානු තීරණයට විරෝධයක්

අමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන්හි පිහිටි චීන කොන්සල් කාර්යාලයේ සියලූ මෙහෙයුම් කටයුතු නවතා දැමීමට අමෙරිකාව ගෙන ඇති තීරණය, චීනයේ රාජ්‍ය මාධ්‍ය විසින් බරපතල ලෙස විවේචනය කර ඇත.

පරිසර උෂ්ණත්වය වැඩිවෙද්දී හදවත් රෝග වැඩිවෙන බව සොයාගැනේ

ගෝලීය උෂ්ණත්වය ඉහල යාම හා හදවත් රෝග අතර ඍජු සබඳතාවයක් ඇති බව ඕස්ට්‍රේලියානු විශේෂඥයින් පිරිසක් සිදුකල පර්යේෂණයකින් තහවුරු වී ඇත.

ICC චෝදනාවට ලක්වූ ක්‍රීඩකයන් වෙනුවෙන් මැදිහත් වෙන්න අමාත්‍යාංශය සැරසෙයි

වසර තුනක් පුරා, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චෝදනාවට (icc ) ලක්ව සිටින අවිශ්ක ගුණවර්ධන, නුවන් සොයිසා සහ දිල්හාර ලොකුහෙට්ටිගේ යන හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයින් වෙනුවෙන් මැදිහත්විය හැකි අකාරය පිළිබඳව වහා සොයා බැලීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

දේශගුණික හා ආපදා අවදානම් හුවමාරු ජාතික ප්‍රතිපත්ති වැඩමුළුව අද

ස්ලයිකැන් භාරය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ දේශගුණික හා ආපදා අවදානම් හුවමාරුව, ජාතික ප්‍රතිපත්ති සමග ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියට අදාල ප්‍රවේශය හඳුනා ගැනීමේ ජාතික ප්‍රතිපත්ති වැඩමුළුවක් අද (23) උදෑසන 9.30 සිට දහවල් 1 දක්වා සූම් (ZOOM) අන්තර්ජාල සජීවිකරණය හරහා පැවැත්වෙනු ඇත. රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, සිවිල් සමාජය, අධ්‍යන අංශ සහ වෙනත් අදාළ ආයතනවල විශේෂඥ කථිකයන් සහ නියෝජිතයන්ගේ…