දුකේදීත් සැපේදීත් නොවෙනස් වූ චීනය කළණ මිතුරෙක් – අගමැති

දුකේදීත් සැපේදීත් නොසැලී සිටි චීනය අපගේ කලණ මිතුරකූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (15) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවසීය.

මෙරට සිදුවන කොවිඩ් මරණ ‘පල් නොකර’ නිකුත් කිරීමට පියවර

පැතුම් වික්‍රමරත්න කොරෝනා මරණ, පැය 24 – 48 ක් ඇතුළත තහවුරු කර වාර්තා කිරීමේ නව  ක්‍රමවේදයක් ඊයේ (14) සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටී. මෙම ක්‍රමවේදය හරහා ප්‍රමාදයකින් තොරව මරණ වාර්තා කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. පසුගිය…

මෙරට ජනගහනයෙන් 11%කට කොවිඩ් මාත්‍රාවක් දී අවසන්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි මෙරට මුළු ජනගහනයෙන් 11% කට ආසන්න සංඛ්‍යාවකට කොවිඩ් එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇති බවට වසංගත රෝග විද්‍යා ඒ්කකයේ දත්ත අනාවරණය කරයි. කොවිෂීල්ඩ් , සයිනොෆාම් සහ ස්පුට්නික් V යන කොවිඩ් මර්දන එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබාගත් මෙරට සමස්ත පුද්ගලයින් ගණන 2,285,572කි. රට පුරා මේ වනවිට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් තිබේ. විදේශයන්ගෙන්…

ලංකාවේ ආයුධ සන්නද්ධ පිරිසක් නිසා තමිල්නාඩුවේ  ආරක්ෂාව තර කෙරේ

පැතුම් වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට අනාවරණය වී ඇති බවඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි මේ අනුව තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමටද ඉන්දීය රජය මේවනවිට පියවර ගෙන ඇති බව වාර්තාවේ . තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බව…

ඉන්දියාවට වඩා මෙරට දෛනික කොවිඩ් රෝගීන් වැඩියි -නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

දම්පත් රණසිංහ ජනගහන අනුපාතයට අනුව සැසදීමේදී ඉන්දියාවේ හමුවන දෛනික කොවිඩ් ආසාදියන්ගේ ප්‍රමාණයට වඩා මෙරට දෛනිකව වාර්තාවන කොවිඩ්- 19 රෝගීන් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නා බව ගෝලීය දත්ත සළකා බැලීමේදි පෙනී යන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. සිංහල අලුත් අවුරුදු උත්සව සමයෙන් පසුව මෙරට තුළ අනපේක්ෂිත ලෙස දෙතුන් ගුණයකින් කොවිඩ්…

ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන් අතරට කුමාර සංගක්කාර

පැතුම් වික්‍රමරත්න අයි.සී.සී හෝල් ඔෆ් ෆෙම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරද ඇතුළත් කිරීමට  අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත . ලබන 18 වනදා ආරම්භ වන පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සමගාමීව මෙම නම් කිරීම සිදු කර ඇති අතර කුමාර් සංගක්කාරට අමතරව තවත් ක්‍රීඩකයින් දස දෙනෙකු…

වසංගතය මදිවට ආණ්ඩුවේ කට්ටිවාදය මැඩිල්ලත් ජනපති-අගමැති කර පිටට!

පැතුම් වික්‍රමරත්න ඉන්ධන මිල වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍යවරයාගේ කර මත පැටවීමේ වෑයම හෙළා දකින බව පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ 08ක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී . එවැනි කට්ටිවාදී සහ අපරිනත ක්‍රියාවන් මගින් ආණ්ඩුව පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට හේතු වන බවත් එම ප්‍රවණතාව වහාම පරාජය කිරීම ජනාධිපතිවරයාගේ මෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ වගකීම බව…

ලොව පුරා කොවිඩ් රෝගීන් අඩුවෙයි මරණ අඩුවී නෑ – WHO

ප්‍රබෝධා හෙට්ටිආරච්චි ලොව පුරා කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවෙමින් පවතින නමුත් මරණ සංඛ්‍යාව එකම අනුපාතයකින් අඩු වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි. වසංගතයේ ආරම්භයේ සිට ලොව පුරා මිලියන 3.8 කට වැඩි පිරිසක් කොවිඩ් රෝගයෙන් මිය ගොස් ඇත. ගෝලීය එන්නත් බෙදා හැරීමට වඩා වේගයෙන් කොවිඩ් -19 ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක…

ePaper – Wednesday, June 16, 2021

ලොව පුරා කොවිඩ් රෝගීන් අඩුවෙයි මරණ අඩුවී නෑ – WHO
වසංගතය මදිවට ආණ්ඩුවේ කට්ටිවාදය මැඩිල්ලත් ජනපති-අගමැති කර පිටට!
ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන් අතරට කුමාර සංගක්කාර
ඉන්දියාවට වඩා මෙරට දෛනික කොවිඩ් රෝගීන් වැඩියි -නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ

xpress pearl

මූලික වන්දි ගෙවීමට නැව් සමාගම එකඟවේ !

මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව හේතුවෙන් මෙරටට සිදුවූ හානියට අදාළ මූලික වන්දි ගෙවීමට කඩිනමින් පියවර ගන්නා බව නෞකාවේ හිමි සමාගම දැනුම්දී ඇත . සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායම් සඳහන් කළේ, මූලික වන්දි ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 40 ක වන්දි ඉල්ලා ඇති බවය. ඒ සම්බන්ධයෙන් සලකා බැලීමෙන් අනතුරුව කඩිනමින් අදාළ මුදල් මෙරටට සිදුවූ හානි වෙනුවෙන්…

දෛනික කොරෝනා මරණ අඩුවෙන්න තව සති දෙක තුනක් යාවි – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

 දෛනික  කොරෝනා මරණ සංඛ්‍යාව  අඩුවීමට තවත් සති දෙකක් හෝ තුනක් යා හැකි බව  කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අනුමාන කර සිටී .කෙසේ වෙතත් මේ වනවිට කොරෝනා ආසාධිතයින්  වාර්තා වීමේ පැහැදිලි අඩුවක් දක්නට ලැබෙන බවද ඇය මාධ්‍ය වෙත  සඳහන් කළාය .සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙහිදී මෙසේද  පැවසීය “රජය සංචරණ සීමා පනවා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක…

ඉන්ධන මිල වැඩිවීමෙන් පීඩාවට පත්වූවන්ට සහන !

ඉන්ධන මිල වැඩි කිරීමෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීමට රජයේ අවධානය යොමුව ඇති බව  කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (15) ප්‍රකාශ කළේ ය. මේ පිළිබඳව දැනටමත් සාකච්ජා ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය . කැබිනට් ප්‍රකාශකවරයා සඳහන් කළේ, තෙල් මිල ඉහළ දැමීමේ අපහසු තීන්දුව කිසිවෙකු හෝ සමග තරහකට මුරණ්ඩුකමකට සිදු කළ දෙයක් නොවන බවයි.…