වාර්ෂිකව පොල්ගෙඩි මිලියන 3600ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් !

පොල් පැල ලක්ෂ 40ක් සිටුවීමේ “දොරින් දොරට කප්රුක” ජාතික වැඩසටහන අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  ආරම්භ කෙරිණ. හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ, වැලිකැටිය වතු යායේදී මෙම වැඩසටහන ආරම්භවූ අතර මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ වැවිලි  අමාත්‍යාංශය, පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය…

සිකා වෛරසයත් මෙරට ව්‍යාප්තවීමේ අවදානමක් !

මේ දිනවල  ඉන්දියාව පුරා වේගයෙන් පැතිර යන සිකා වෛරසය  ශ්‍රී ලංකාව තුළද එය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අනතුරු අඟවා සිටී . මෙම වෛරසය මදුරුවන්ගෙන් බෝවන හෙයින් ජනතාව මේ පිළිබඳව අවධානය යොමු කලයුතු බවද   විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී . ඉන්දියාවේ සිට මෙරටට…

කොතලාවල විශ්වවිද්‍යාල පනතේ අඩුපාඩු තිබෙනවා – GMOA

කොතලාවල විශ්ව විද්‍යාල පනතේ බරපතල අඩුපාඩුකම් පවතින අතර එය රටේ අධ්‍යාපනයට ඉතා නරක ලෙස බලපෑම් කළ හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී . අද (10) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ මෙම පනත සම්බන්ධයෙන් රජයට ලබාදිය යුතු යෝජනා මේ වනවිට සකසමින් ඇති බවයි. මේ…

කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 150ක් !

කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා එන්නත් මිලදී ගැනීම සහ ඒ ආශ්‍රිත කටයුතු වෙනුවෙන් මෙරටට ඩොලර් මිලියන 150ක ණයක් ලබාදීමට  ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළකර ඇත . ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් මහතා අතර ඊටේ අදාළ මූලික ගිවිසුම් සඳහා  ඊයේ (09) අත්සන් තැබිණ .…

ෆයිසර් එන්නතේ මාත්‍රා තුනක් ලබාගත යුතුද ?

ෆයිසර් එන්නතෙන් උපරිම ප්‍රතිඵල හා ආරක්ෂාව ලබාගැනීමටනම් එම එන්නතෙන්  මාත්‍රා තුනක් ලබාගත යුතු බව  ෆයිසර් එන්නතේ නිෂ්පාදන සමාගම  ප්‍රකාශ කර ඇත . ඒ අනුව ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් මාස හයකට පසුව එන්නතේ තෙවන මාත්‍රාවද ලබාගත යුතු බවත් , ඒ හරහා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය ප්‍රතිශක්තිය වඩාත් හොඳින් ලැබෙන බවත් එන්නතේ නිෂ්පාදන සමාගම වන “ෆයිසර්…

ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය දින කිහිපයකින් කල් යයි !

ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ 20-20 තරඟාවලිය දින කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව එළඹෙන 13 දින ආරම්භවීමට නියමිතව තිබු මෙම තරඟාවලිය 17 දින දක්වා කල්යාමට ඉඩ ඇති බව  දැනගන්නට ඇත . ඒ, කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් කොවිඩ්…