‘මේ සම්මානය අයිති මට නෙවෙයි , මගේ රටටයි’ – නිරංජනී ශන්මුගරාජා

නයිජීරියාවේ යොනගෝවා නුවරදී පළමුවරට සංවිධානය වූ BAYELSA අන්තර්ජාතික සිනමා උළෙලේදී (Bayelsa IFF) එහි විශිෂ්ඨතම  සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකික සිනමාවේදී  සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ  “සුනාමි” චිත්‍රපටය සමත්වී ඇත. ඒ අනුව එම  උළෙලේ “හොඳම නිළිය” උදෙසා වූ සම්මානය නිරංජනී ශන්මුගරාජාත්   ,”හොඳම අධ්‍යක්ෂක” උදෙසා වූ සම්මානය සෝමරත්න දිසානායකත්  දිනාගෙන ඇත . රටවල් 86 කට  අයත් චිත්‍රපට…

වෙළඳපොළට මැදිහත් නොවීමට රජය තීරණය කරයි !

ඉදිරියේදී විවෘත වෙළඳපලේ කටයුතුවලට අනවශ්‍ය ලෙස මැදිහත් නොවීමට රජය තීරණය කල බව   සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කර සිටී . පසුගිය කාලයේ ලැබූ අත්දැකීම් මත රජය ඒ බව තීරණය කර ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත අද පැවසීය අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙකු පත් කිරීමට රජය ගත් පියවර සහ ඉන් අපේක්ෂිත අරමුණු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්…

අදානි ජනපති සහ අගමැති හමුවෙයි – ඉදිරි අරමුණු ගැනත් සාකච්ඡා

කොළඹ බටහිර පර්යන්තය පමණක් නොව මෙරට යටිතල පහසුකම් හවුල්කාරිත්වයන් පිළිබඳ ඉදිරියේදී අදානි සමූහය විසින් සොයාබලන බව දානි සමූහයේ ප්‍රධානී, ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි පවස

ළඟ එන අලුත් කොවිඩ් රැල්ලක ඉඟි පළවේ !

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ  (25) දිනයේ යලි ඉහල යාමක් පෙන්නුම් කල බවත් , ඒ පිළිබඳව කිසිසේත්ම  සැහැල්ලුවෙන් සිතිය නොහැකි බවත්  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කර සිටී . ඊයේ දින මෙසේ කොවිඩ් මරණ සංඛ්‍යාවේ ඉහල යාමක් පෙන්නුම් කිරීම පිළිබඳව නිශ්චිතව යමක් ප්‍රකාශ කිරීමට මේ මොහොතේ හැකියාවක් නොමැති නමුත් ඒ…

ඩොලර් හිඟය පියවන ක්‍රමය රමේෂ් පතිරණ හෙළිකරයි !

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින ඩොලර් හිඟයට පිළියමක් ලෙස විදෙස් ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කර සිටී . අද (26) උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි මහතා මෙරට සංචාරයක කිරීමේ අරමුණ කුමක් දැයි මාධ්‍යවේදියෙක් කළ විමසීමක දී…

ඉන්ධන ආනයනයට දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් !

එළඹෙන වසරේ මාස අටක කාලයක් තුළ පෙට්‍රල් හා ඩීසල් ආනයන කිරීම සඳහා සිංගප්පූරුවේ විටෝල් ඒෂියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම වෙත දිගුකාලීන කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව 2022 ජනවාරි මස 1 වන දින සිට 2022 අගෝස්තු මස 31 වන දා දක්වා කාලය තුළ එම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත. ඒ අනුව ඩීසල් සල්පර් ප්‍රතිශතය…

ePaper – Tuesday, October 26, 2021

🔴කොවිඩ් සීමා කීපයක් ලිහිල් වෙයි
🔴ඩෙල්ටා ප්‍ර‍භේදයේ උප පෙළපත් 20ක් ගැන WHO අවධියෙන්
🔴හවුල්කාර පක්‍ෂ කලකිරීමෙන් – ප්‍රශ්නෙ විසඳගන්න හැටි ජනපති දැනුම් දෙයි
🔴රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන්  සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව පැමිණිල්ලක්

මන්ත්‍රීලාට වාහන ගෙන්වීමේ සූදානමක්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන ගෙන්වීම පිළිබඳ රජයේ අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ පෙරේදා  පැවති පක්ෂ නායක රැස්වීමේ දී මේ බව සාකච්ඡා කළ නමුත් තීරණයක් නොගත් බවය. කොවිඩ් තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය අර්බුදයකට යොමුව ඇති මොහොතක මන්ත්‍රීවරුන්ගේ වාහන ආනයනය අත්හිටුවන ලෙස ඉල්ලා සිටින ලද්දේ මන්ත්‍රී කණ්ඩායම…

ඩිජිටල් හැඳුනුම්පත ලබන වසරේ එයි

පැතුම් වික්‍රමරත්න ඉහළම තාක්ෂණය සහිත ජාතික හැඳුනුම්පතක් ලබන වසරේදී මෙරට ජනතාවට ලැබෙන බවත් ලබන වසරේ පළමු කාර්තුව වන විට ජාතික හැඳුනුම්පත ඩිජිටල්කරණයට ලක්කිරීමට සූදානම් බවත් ඩිජිටල් තාක්ක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ඩිජිටල් මුදල් හෝ ජාතික හැඳුනුම්පත හෝ මේ සියලු දෙයට යාමට පෙර මුදල් භාවිත නොවන ආර්ථිකයකට යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය…

කොළඹ කොටස් වෙළෙඳපොළෙන් අලුත් වාර්තාවක්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි කොළඹ කොටස් වෙළෙඳපළ සමස්ත කොටස් මිල දර්ශක අගය ඒකක 10,000 ඉක්මවමින් මෙතෙක් වාර්තා වූ ඉහළම වාර්තාගත අගය සටහන් ඊයේ (25) කළේය. කොළඹ සමස්ත කොටස් මිල දර්ශකයේ අගය ඊයේ  දිනයේ  සියයට 1.33 කින් හෝ 131.58 කින් ඉහළ ගොස් 10,046.80 ක් ලෙස මෙතෙක් වාර්තා වූ  ඉහළම අගය අවසන් කිරීමට හැකි විය. වෙළඳාමේ අවසන් පැය තුළදී…

මිනිසකුට ඌරු වකුගඩුවක් බද්ධ කිරීම සාර්ථකයි

පැතුම් වික්‍රමරත්න ඌරෙකුගේ වකුගඩුවක්  මිනිසෙකුට  සාර්ථකව බද්ධ කිරීමට  ඇමෙරිකා එක්සත් ජනපදයේ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් සමත්ව ඇත . මේ සාර්ථක අවයව බද්ධයත් සමග වෛද්‍ය ක්‍ෂේත්‍රයේ විප්ලවයක් ඇතිවනු ඇති බවත් ,ඒ හරහා  මෙතෙක් පැවැති පරිත්‍යාගදායක ඉන්ද්‍රිය හිඟය විසඳීමට හැකිවන බවත් එම වෛද්‍යවරුන් සඳහන් කර ඇත වකුගඩුව ලැබූ පුද්ගලයා මොළය මියගිය තැනැත්තෙකු වන අතර, නැවත සුවය ලැබීමට කිසිදු…

ලංකා යොවුන් ක්‍රීඩකයෝත් බංග්ලාදේශය පරදති

ප්‍රබෝධා හෙට්ටිආරච්චි බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූ චමිඳු වික්‍රමසිංහගේ සුපිරි හරඹය හමුවේ පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඊයේ (25) හැකියාව ලැබිණ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජ්‍යෙෂ්ඨයින් කඩුලු 5…