එන්නත නොගත් ටෙනිස් ශූරයා, ඕස්ට්‍රේලියාවෙන් නෙරපයි !

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය ට සහභාගී වීම සඳහා පැමිණ සිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොකොවිච් ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර තිබේ. ඔස්ට්‍රේලියාවට පැමිණ මෙල්බර්න් ගුවන්ටෝටුපොළේ රැඳී සිටි ජොකොවිච් ට එරට බලධාරීන් විසින් දැනුම්දී ඇත්තේ ඔහු ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවශ්‍ය රෙගුලාසි සම්පූර්ණ කර නොමැති බවය. ඒ අනුව ඔහුව එරටින් නෙරපීමට නියමිත…

උපාධිධාරීන් 51000කට රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් !

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 51,000ක් ස්ථීර පදනමින් සංවර්ධන නිලධාරී තනතුර සඳහා අනුයුක්ත කර ඇත ජනවාරි මස 3 වනදා සිට මොවුන් සංවර්ධන නිලධාරී තනතුරට අනුයුක්ත කර තිබෙන අතර  ස්ථීර පත්වීම් ලබන සංවර්ධන නිලධාරීන් ට රුපියල් 31,490ක මුලික වැටුපක් ගෙවීමට නියමිතය. කෙටි කාලයක් තුළ රාජ්‍ය සේවයට මෙතරම් නිලධාරීන් පිරිසක් ස්ථිර පදනමින් බඳවාගත් පළමු අවස්ථාව මෙය බව…

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවය නිමවේ – චක්‍රලේඛය නිකුත්වේ !

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ. රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ. ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල…

චීනයේ කෘත්‍රීම “සූර්යයා” නිසා, බලශක්ති ක්‍ෂේත්‍රය උඩු යටිකුරුවේවිද ?

චීනය ලොව බලශක්ති නිෂ්පාදනය උඩු යටිකුරු කරවන ආකාරයේ ,  සුවිශේෂී  න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකයක් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි .. මෙම  පර්යේෂණාත්මක උසස් සුපිරි සන්නායක Tokamak (හෝ කෙටියෙන් EAST) ලෙස හැඳින්වේ. එය ක්‍රියාත්මක කිරීමෙන් පසු, තිරසාර උෂ්ණත්වය සඳහා වාර්තාගත ඉහළ මට්ටමක් චීන පර්යේෂණ කණ්ඩායම දැක ඇත. ඒ අනුව මෙය  “කෘතීම සූර්යයා” ලෙස විදෙස් …

ඩෙන්මාර්කය “හරිත” ආර්ථිකයකට යොමුවේ !

වසර 2030 වනවිට, අභ්‍යන්තර ගුවන් ගමන් සියල්ල පොසිල ඉන්ධන භාවිතයෙන් තොරව, පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත්, කාබන් විමෝචනය සියයට 70 කින් කපා හැරීමට බලාපොරොත්තු වන බවත් ඩෙන්මාර්ක අග්‍රාමාත්‍යවරිය සිය අලුත් අවුරුදු පණිවුඩය හරහා එරට ජනතාවට පවසා තිබේ. ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙටේ ෆෙඩරික්සන් උත්සාහ ගන්නේ හරිත ආර්ථිකයක් කරා යෑමටය. එහි පළමු පියවර ලෙස, එරට…

ස.තො.ස ලාභ ලබයි !

මාස 16 ක් තුළ සතොස ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීමට තමන්ට හැකි වූ බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි ඒ සදහා ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතනවලට ද ගෞරවය හිමි විය යුතු බව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේය . මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය . මම ආයතනය භාරගන්න…