ලොව ලොකුම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයත් රුසියා ප්‍රහාරයකින් පිච්චෙයි

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන යුක්රේනයේ නිෂ්පාදිත Antonov-225 Mriya, රුසියානු ප්‍රහාරයකින් පිළිස්සී ගොස් තිබේ. ඒ හොස්ටොමෙල් ගුවන් තොටුපළට එල්ල වූ රුසියානු ෂෙල් ප්‍රහාරයකිනි. යුක්‍රේන රාජ්‍ය අවි නිෂ්පාදන සමාගමක් වන උක්‍රොබොරොන්ප්‍රොම් අද මේ පිළිබඳ පැවසුවේ “රුසියානු ආක්‍රමණිකයන් යුක්‍රේන ගුවන් සේවයේ ප්‍රමුඛයා වන ජනප්‍රිය An-225 Mriya විනාශ කළා. එය සිදු වූයේ කීව් අසල හොස්ටොමෙල් හි…

හෙට පෞද්ගලික බස් ධාවනය සීමා වෙයි

ඉන්ධන හිඟය හේතුවෙන් හෙට (28) සිට බස් රථ ධාවනය සීමා කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ අත්‍යාවශ්‍ය වේලාවන්ට ප්‍රමුඛත්වය දෙමින් සංශෝධිත කාලසටහනක් මේ වන විටත් අදාළ බලධාරීන් වෙත භාරදී ඇති බවයි. “අපේ සාමාන්‍ය බස් රථවලට ප්‍රමාණවත් ඩීසල් නැහැ. සමහර ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන නැහැ. IOC එක මිල වැඩි කරලා.…

සිංහල ජාතිය පැවත එන්නේ නිවුන්නුන්ගෙන්ද ?

සිංහල ජාතිය සහ ලංකාද්වීපය නිවුන්නුන්ගෙන් පැවත එන ජාතියක් හා දේශයක් බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා ප්‍රකාශ කර සිටී . ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය  22 දින  සවස 2:22ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ලාල් කුමාර විසින් රචිත “නිවුන්නු” කෘතිය ජනගත කල අවස්ථාවේ ප්‍රධාන දෙසුම පවත්වමිනි . “සිංහබාහු, සිංහ සීවලී විතරක් නෙවෙයි,…

දුම්රියත් නතරවේවිද ?

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ඇත්තේ දින පහක කාළයක් සඳහා පමණක් බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය. දින 10ක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ගබඩා කර තැබීමට හැකි වුවත් මේ වන විටට එය සියයට 50 කින් පමණ අඩුවී ඇතැයිද ජයසුන්දර මහතා කීවේය. දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉන්ධන සංචිතවල යම් අඩුවීමක් තිබුණත් දුම්රිය ධාවනයට…

හෙට පැය 5කට වැඩි විදුලි කප්පාදුවක් – වේලාවන් මෙන්න..

හෙට (28) දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පැය 5කට වැඩි විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය. විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර තිබේ. ඒ අනුව P,Q,R,S,T,U,V,W ඛාණ්ඩ යටතේ වන ප්‍රදේශ සඳහා5පැය 5 යි මිනිත්තු 15 ක් කප්පාදු කෙරේ. ඒ පෙ.ව. 8.30 සිට ප.ව. 4.45 දක්වා පැය 2යි මිනිත්තු 45ක් සහ සවස 4.45 සිට රාත්‍රී 9.45 දක්වා…

යුක්‍රේන නායකයින් ඉලක්කකොට , රුසියානු ප්‍රහාර දියත්කෙරේ !

. යුක්රේනයට ඇතුළු වී සිටින සෑම රුසියානු ප්‍රහාරක භටයෙකුටම රුසියාව විසින් යුක්‍රේන රජයේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ ඡායාරූප ඇතුළත් කාඩ්පත් ලබාදී ඇති බව වාර්තාවේ . ඔවුන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ලෙසට රුසියාවෙන් එම භටයින්ට නියෝග ලැබී ඇති බවත් ඒ අතර යුක්රේන ජනාධිපතිවරයා ද සිටින බවත් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත . කෙසේවෙතත් ජනාධිපතිවරයා ආරක්ෂිතව…

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ගෙන්, පී. සී. ආර් වාර්තා අවශ්‍ය නැහැ !

මාර්තු 01 වනදා සිට විදේශයන්හි සිට මෙරටට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින්ට පීසීආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි . පූර්ණ එන්නත්කරණයට ලක්වී සති දෙකක් සම්පූර්ණ කළ පුද්ගලයින්ට එලෙස එම වාර්තා ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වුණේ. වයස අවුරුදු 08 ට හෝ ඊට අඩු…

රටේ ඖෂධ හිඟයක් නැහැ , අනවශ්‍ය කලබල එපා !

ඉදිරි මාස 3ක කාලය සඳහා ප්‍රමාණවත් ඖෂධ තොග රජයේ රෝහල් සතු බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, පෞද්ගලික අංශයට ඖෂධ ගෙන්වීමේදී මතුව ඇති ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරන බවයි. මේ අතර, පැරසිටමෝල් ඖෂධය නිෂ්පාදනය වේගවත් කරන්නැයි අදාළ සමාගම් වෙත උපදෙස් දී…

යුක්‍රේනයේ “ටැංකි මිනිසා”

යුක්රේනයට එරෙහිව සටනට පැමිණෙන රුසියානු යුද ටැංකි ටැංකියක් ඉදිරිපිට විරෝධතාවයක යෙදුණු යුක්රේන වැසියෙකු සම්බන්ධයෙන් වන වීඩියෝවක් මේ වන විට ඉතා සිඝ්‍රයෙන් සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් පවතී . යුක්රේන නගරයක මංසන්ධියක් පසුකර යෑමට පැමිණෙන රුසියානු යුද ටැංකියක් ඉදිරිපිටට පැමිණෙන මෙම යුක්රේන වැසියා සිය රටට එරෙහිව සිදුකරන ආක්‍රමණයට විරෝදය පළ කරමින් එම යුද ටැංකිය මතට නැගීමට…

යුක්රේනයට යුධ ආධාර ලබාදීමට ඇමෙරිකාව , ජර්මනිය , ප්‍රංශය , සූදානම් !

යුක්‍රේනය වෙත යුධ ආධාර ලබාදීමට ඇමෙරිකාව , ජර්මනිය , ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කිහිපයක් ඉදිරිපත්ව සිටී . යුක්‍රේනයට ඩොලර් මිලියන 350 ක යුද ආධර ලබාදෙන ලෙස අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන අතර . රුසියානු ආක්‍රමණයකට මුහුණදී සිටින යුක්‍රේනයේ ආරක්ෂාව උදෙසා එම ආධාර ලබාදෙන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ…