පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් කළු පටි බඳිමු !

පාර්ලිමේන්තු මාධ්‍යව්දීන්ගේ සංගමයේ සභාපතිවරයාට හා තවත් මාධ්‍යවේදියෙකුට , පාර්ලිමේන්තුව තුලදී හිරිහැරයන් හා තර්ජනයන් සිදුකිරීම හෙළා දකිමින් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය කථානායකවරයා වෙත ලිපියක් යොමුකර ඇත . . එම ලිපිය පහත දැක්වේ . 17.05.2022 ගරු කථානායකතුමා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. ගරු කථානායකතුමනි,   පාර්ලිමේන්තුව තුලදී  මාධ්‍යවේදීන්ට එල්ලවූ  හිරිහැර හා තර්ජනයන්  පිළිකුලෙන් හෙළා දකිමු.…

රුපියල ශත 10කින් ඉහළට !

ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයේ අද (18)  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශත 10 කින් පහළ ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව අද (18) ප්‍රකාශයට පත් කළ දෛනික විනිමය අනුපාතිකයට අනූව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල්  364.63 ක් වූ අතර ගැණුම් මිල රුපියල් 354.66 ලෙස සටහන් විය.

ණය ගෙවන්න ඩොලර් නැහැ !

ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10ක් වුනත් ඒවා ගෙවන්නට ලංකාව සතුව ඩොලර් මිලියනයක් වත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය. ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කියා දෙයක් නැතැයි ද පාට පක්ෂ භේද අතහැර සියලු දෙනාට එකතු වෙන්නැයි පුන පුනා ඉල්ලා සිටින්නේ මේ අර්බුදයෙන් රට ගොඩ ගැනීමට බව ද අග්‍රාමාත්‍යවරයා…

පොලීසියේ තෙලෙන් මැති ඇමතිවරුන්ගේ වාහන දුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන සඳහා නාරාහේන්පිට පිහිටි පොලිස් ඉන්ධන පිරවුම් හලින් ඉන්ධන ලබාදෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් ප්‍රවාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයාට දැනුම් දී තිබේ. රටේ මේ වන විට පවතින තත්ත්වය සැළකිල්ලට ගෙන තාවකාලිකව මෙම පියවර ගන්නා ලෙස මෙම දැනුම් දීම කර ඇත්තේ ඊයේය. ඉන්ධන ලබාගන්නා අවස්ථාවේදී මන්ත්‍රීවරයා වාහනයේ රැදී සිටිය යුතුය. ඉන්ධන ලබාදෙන්නේ අත්පිට මුදලට…

ඩෑන් ප්‍රියශාත් , සමන් ලාල් ඇතුළු පහක් අත්අඩංගුවට !

(දම්පත් රණසිංහ) ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියශාත් සහ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු ඇතුළු 05 දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගත්තේය. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමෙන් අනතුරුවය. ඒ අනුව මේ වන විට අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනෙක්, හිටපු පළාත්…

කොවිඩ් එන්නත්කරණය අද සිට යළි ඇරඹේ !

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද හමුදා කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවල අද සිට නැවත ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කර සිටිනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ සඳුදා සිට සෙනසුරාදා දක්වා වන දින 06 පුරාවට පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. අවුරුදු…

හෙට සිට තෙල් බෙදීම සාමාන්‍ය පරිදි

සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම හෙට (19) වන බ්‍රහස්පතින්දා දින සිට සිදුකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. අද දිනයේ පෙට්‍රල් බෙදාහැරීම සීමිතව සිදුවන බැවින් පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බව ද එම සංස්ථාව නිවේදනය කළේය. පෙරේදා දිනයේදීද බලශක්ති අමාත්‍යවරයා ජනතාව වෙත දැනුම් දී තිබුණේ ඉන්ධන පිරවුම්හල් වෙත සම්පූර්ණයෙන්ම බෙදාහැරීමට…