“ශ්‍රී ලංකාවේ මානුෂීය ව්‍යසනයක් වෙන්න කලින් දැන්ම ක්‍රියා කළයුතුයි” – WFP ජාත්‍යන්තරයට කියයි

ශ්‍රී ලංකාව තුළ ආහාර හා පෝෂණ තත්වයේ කඩාවැටීම හමුවේ මානුෂීය ව්‍යසනයක් වීමට පෙර අපි මේ දැන්ම ක්‍රියා කළ යුතු බව ලෝක ආහාර වැඩසටහනේ ( WFP) ප්‍රධානී ඩේවිඩ් බීස්ලි අනතුරු අඟවා ති‍බේ. ශ්‍රී ලාංකිකයන්ගෙන් මිලියන 6.26 කට නොඑසේ නම් නිවාස 10කින් 3කටවත් ඔවුන්ගේ මීළඟ ආහාර වේල සපයාගන්නේ කෙසේද යන්න පිළිබඳව අවිනිශ්චිත බව ලෝක ආහාර වැඩසටහන අද…

සිම්බාබ්වේ රාජ්‍යය සිය මුදල් ඒකකය අත්හරී!

සිම්බාබ්වේ රාජ්‍යය නිල මුදල් ඒකකය අත්හැරීමට තීරණය කර තිබෙනවා. ඒ, රට මුහුණ පා ඇති අධි උද්ධමනය හමුවේයි. ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යය සිය නිල මුදල් ඒකකය වන සිම්බාබ්වේ ඩොලරය වෙනුවට රන් කාසිය භාවිත කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එහි පළමු පියවර ලෙස සිම්බාබ්වේ මහ බැංකුව මේවනවිට රන් කාසිය අලෙවි කිරීමේ මූලික පියවර ආරම්භ කර…

බ්‍රිතාන්‍යයේ දේශපාලන අර්බුදය උත්සන්න වේ !

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ වනවිට දැඩි නායකත්ව අර්බුදයකට මුහුණ දෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, අග්‍රාමාත්‍ය ජොන්සන්ගේ නායකත්වයට එරෙහිව පාලක කන්සර්වේටිව් පක්ෂයෙන් මෙන්ම කැබිනට් මණ්ඩලයෙන් ද එල්ල වෙමින් ඇති දැඩි විරෝධය හමුවේයි. කලක පටන් පැවැති එම විරෝධතා මේවනවිට උත්සන්න වී ඇති අතර එහි ප්‍රථිපලයක් ලෙස කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු අග්‍රාමාත්‍යවරයාට විරෝධය පා සිය අමාත්‍යධූරවලින්…

නිමල් සිරිපාල ද සිල්වා ඉල්ලා අස්වේ !

වරාය හා ගුවන් සේවා අමාත්‍යංශයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. ඊට අදාල ලිපිය ජනාදිපතිවරයාට යොමු කර ඇතැයි ද වාර්තා වෙයි. වරාය හා ගුවන් සේවා අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිමල් සිරිපාල ද සිල්වාට උපදෙස්වලට අනුව මෙම තීරණය ගෙන ඇත. ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ…

රනිල් ඉල්ලා අස්විය යුතුයි! – ධම්මික පෙරේරා

අගමැති රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍ය ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් ආදායම් ව්‍යාපෘති සියල්ල නවත්වන බවත්, ඔහුට සැලසුමක් නොමැති බවත් අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය. ඔහු මුදල් ඇමතිවරයා ලෙස කරන එම සෙල්ලම නතර කළ යුතු බව ද ඇමතිවරයා පැවසීය.

ගෑස් නැව අද එන්නේ නෑ – ලීට්‍රෝ

අද (6) දිවයිනට ලඟාවීමට තිබූ ගෑස් නෞකාව තවත් දින තුනක් පමණ ප්‍රමාදවන බව ලිට්‍රෝ සමාගම පවසයි. මෙට්‍රික් ටොන් 3,700 අඩංගු ගෑස් න‍ෞකාවක් අද පැමිණීමට නියමිතව තිබුණි. අදාළ නෞකාව සෙනසුරාදා (9) වැනිදා මෙරටට ලඟාවනු ඇති බව එම සමාගම පවසයි. එමෙන්ම ගෑස් අඩංගු තවත් නෞකා දෙකක් ලබන 11 හා 16 වැනිදා මෙරටට පැමිණීමට නියමිතය.

රට අඳුරේ දැම්මාට ලංවිම ලොක්කන් දෙදෙනෙකුට අනිවාර්ය නිවාඩු

ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පද්ධති පාලක) සහ පද්ධති පාලක ප්‍රධාන ඉංජිනේරුවරයා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඊට හේතුවී ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනයත් සමඟම පසුගිය ජුනි 9 වැනිදා දිවයින පුරා ක්‍රියාත්මක වූ විදුලි බිඳවැටීමට අදාළව පැවති විමර්ශනයේ නිර්දේශ ය. අදාළ විදුලි බිඳවැටීම මෙන්ම ජල විදුලිය…

කෝප් කමිටු තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් ගැන පියවරක් ගනී

කෝප් කමිටුව විසින් කරන ලද නිර්දේශ සහ තීරණ ක්‍රියාත්මක නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේ අවධානය යොමුකරන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වූ අවස්ථාවේදීය. විශේෂයෙන්ම එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ…