ස්වාධීන මන්ත්‍රීවරුන්ගේත් සහයෙන් හදිසි නීතිය සම්මතයි

හදිසි නීතිය අද පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. වැඩබලන ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද හදිසි තත්ත්වය පිළිබඳ ප්‍රකාශය අද සම්මත වූයේ වැඩි ඡන්ද 57 කිනි. ඒ පිළිබඳව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 120ක් සහ විපක්ෂව ඡන්ද 63ක් ලැබී තිබුණි. ඊට පක්ෂව ඡන්දය දුන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් වූයේ විමල් වීරවංශ, මොහොමඩ්…

ආර්ථික අහේනියට මුල්වූ නාස්තිකාර පාලනය !

දොළොස් වැනි සියවසේ මැද භාගයේ දී පසුකාලීනව පළමු පරාක්‍රමබාහු රජ බවට පත් පරාක්‍රමබාහු කුමරා දක්ෂිණ දේශයේ රජකමට පත්වූ විට සිත්තැවුලට හේතුවන අත්දැකීමකට මුහුණ පෑවේය. දළවශයෙන් දක්ෂිණ දේශය යයි හැඳින්වූයේ මෙකල බටහිර සහ වයඹ පළාත්ය. චූලවංශයේ දක්වා ඇති පරිදි කුමරා ඔහුගේ භාණ්ඩාගාරිකගෙන් (මේ වන විට භාණ්ඩාගාර ලේකම් හා සමාන) විමසා සිටියේ ප්‍රමාණවත් සම්පත් භාණ්ඩාගාරයේ තිබේද යන්නයි.…

ඉන්දීය ජනතාවගෙන් ඇමරිකානු ඩොලර් මිලියන 22ක් වටිනා මානුෂීය ආධාර!

මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉන්දීය ජනතාව විසින් පරිත්‍යාග කරන ලද ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.4ක් පමණ වටිනා මානුෂීය ආධාර තොගයක් 2022 ජූලි 26 වන දින කොළඹ දී විදේශ අමාත්‍ය අලි සබ්‍රි සහ සෞඛ්‍ය සහ ජල සම්පාදන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන්ට භාර දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්තිල් තොණ්ඩමාන්…

අනුර, ඉන්දියානු මහකොමසාරිස් හමුවේ !

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (26) මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතාව හමුවී තිබේ. ඒ, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී ය. මෙහිදී රටේ ආර්ථික තත්වය සහ දෙපාර්ශවය අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධව සාකච්ඡා පැවැත්වුණු බවයි අනුර කුමාර මහතා පවසන්නේ. මෙම අවස්ථාවට ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාත් ඉන්දියානු මහ කොමසාරිස්…

බංගලාදේශයත් බරපතල ආර්ථික අර්බුදයක !

බංග්ලාදේශය ද මේවනවිට මූල්‍ය අර්බුදයකට මුහුණ දෙමින් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ආර්ථික විශේෂඥයින් උපුටා දක්වමින් එම වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය මාස 03 තුළ බංග්ලාදේශයේ ටකා මුදල් ඒකකය අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 20 කින් පමණ පහත වැටී ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ බංග්ලාදේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහය ඉල්ලා ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. යුක්රේන…