අත්‍යාවශ්‍ය ආහාර ද්‍රවය කිහිපයකම මිල පහළට!

පරිප්පු, සීනි, අල, ලූණු , මිරිස් ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල සැලකිය යුතු ලෙස පහළ බැස ඇතැයි පිටකොටුව වෙළඳ සංගමයේ විධායක කමිටු සාමාජික දේව පුරන් මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව රුපියල් 600 ක්ව පැවති පරිප්පු තොග මිල රුපියල් 410ක් ලෙසත්, රුපියල් 330ක් පැවති සීනි තොග මිල රුපියල් 270 ක් ලෙසත්, රුපියල් 215 ක් ව පැවති…

චීනය , ආක්‍රමණයකට සූදානම්ද ?

යුද අභ්‍යාසයක නිරත වී සිටින චීනය තායිවාන මුහුදට බැලැස්ටික් මිසයිල එල්ල කරමින් සිටිනවා. විදෙස් වාර්තා පැවසුවේ මේ වනවිට ඔවුන් එලෙස බැලැස්ටික් මිසයිල 11 ක් පමණ එල්ල කර ඇති බවයි. පවතින තත්ත්වය හමුවේ තායිවානයට ඉහල අහසින් වුවද මිසයිල ගමන් කල හැකි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. ඇතැම් ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ චීනය ආක්‍රමණයකට සූදානම් වන බවයි. සාමාන්‍යයෙන් යුද…

ඉන්දු – ලංකා “ණය” සබඳතා

ඉන්දියාව යනු ශ්‍රී ලංකාවේ ‘ලොකු අයියා’ය. ශ්‍රී ලංකාව ඉන්දියාවේ බාල සහෝදරයාය . ඈත අතීතයේ සිටම අප දෙරට අතර පැවතියේ එවැනි සබඳතාවයකි . විටෙක රණ්ඩු වෙමිද ,නැවත යාලු වෙමින්ද , ඉන්දු ලංකා සබඳතා මෙසේ ඉදිරියට ඇදී ආවේය .. නේරු සහ බණ්ඩාරනායක පවුල අතර තිබූ දැඩි බැඳීම නිසාම එම වකවානුවේ දෙරට අතර සබඳතා ඉතා ශක්මත්වූ අතර මෙරට…

“ශ්‍රී ලංකාව ‘එක් චීනයක්’ ප්‍රතිපත්තියට කැපවෙනවා”

“එක් චීනයක්” යන ප්‍රතිපත්තියට මෙන්ම ජාතීන්ගේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ද ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම නැවත අවධාරණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ශැන්ග්හොන්ග් සමඟ පැවති සාකච්ඡාවකදීයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ අමෙරිකානු කතානායකවරියගේ සංචාරය මුල් කර ගනිමින් චීනය…

කොවිඩ් මරණ වැඩිවේවි – රැල්ලක් අතළඟ

රට තුළ කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ. කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ නොකර සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යා හැකි බව ද එම සංගමය සඳහන් කරයි. දිනකට කොවිඩ් රෝගීන් 100ත් 150 ත් අතර ප්‍රමාණයක් හමුවුවද සැබෑ රෝගීන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි බවට…

ගාලුමුවදොර අරගල භූමියට පොලිස් කණ්ඩායමක් ඇවිත් කළ දේ..

ගාලු මුවදොර පිටිය ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රැදී සිටින අරගලකරුවන්ට අද පොලීසිය විසින් විශේෂ නිවේදනයක් කර තිබබේ. ඒ ලබන 5 වැනි දා පස්වරු 5ට පෙර එම ස්ථානවලින් ඉවත් වන ලෙසත් එසේ නොවුණහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දන්වමිනි. “ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියළුම පුද්ගලයන්‌ වෙත ශ්‍රී ලංකා පොලිසිය මගින්‌ කරන…