පොදුරද මඩුළු ක්‍රීඩාවලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ 10ක්ම අතුරුදන්

එංගලන්තයේ මේ දිනවල පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් 10 දෙනෙක් මේ වනවිට අතුරුදන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බර්මිංහැම්හිදී ඔවුන් අතුරුදන් වී ඇත්තේ සිය තරග අවසානයෙන් පසුව ය. මෙරට ක්‍රීඩා බලධාරියෙක් උපුටා දක්වමින් AFP පුවත් වාර්තා කර ඇත්තේ ඔවුන් මෙලෙස අතුරුදන් වූයේ රැකියාවක් සොයාගෙන බ්‍රිතාන්‍යයේ රැඳී සිටීමේ…

හොර පාරෙන් රට යන්න ගිහින් හිස් අතින් එන ලාංකිකයෝ

මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට නීති විරෝධි ලෙස සංක්‍රමණය වීමට දරණ උත්සහ කිරීම් මේ වන විට ඇත්තේ ඉහළ ගොසිනි. නීති විරෝධිව ඕස්ට්‍රේලියාවට ඇතුළු වන කිසිදු අනවසර සංක්‍රමණිකයෙකුට ඕස්ට්‍රේලියාවට පය තැබීමටවත් ඉඩක් නොමැති බව නොදන්නා අහිංසක ජනතාව රවටමින් මිනිස් ඡාවාරම්කරුවෝ මේ ඡාවාරම කරගෙන යන්නේ අතට ලැබෙන මුදල් කුට්ටියට වහ වැටීය. මෙසේ ඉකුත් මැයි මාසයේ සිට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට…