සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 15 ඇරඹෙයි

මේ වන විට වසා දමා තිබෙන සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන 15දා නැවතත් විවෘත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

හිටපු ජනපති හෙට තායිලන්තයට පිටත්ව යයි

මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සංචාරයක් සදහා හෙට (11දා) තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිත බව

යළිත් සතියේ දින පහේම පාසල් පැවැත්වීමේ තීරණයක්

ඉදිරියේදී සතියේ දින 5 දීම පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය. මේ වන විට ඉන්ධන සැපයීම විධිමත්වීම සහ විශේෂ පාසල් බස්රථ සේවාවන් ආරම්භ කිරීම හරහා පාසල්වලට ගුරු සහ සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්වයට පත්ව ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා විෂය නිර්දේශ…