ළමා මන්දපෝෂණයෙන් , ශ්‍රී ලංකාව ලොව 6වන තැනට !

ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ලොව 06වන ස්ථානයට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය අනාවරණය කර සිටී . දකුණු ආසියාව තුල ළමා මන්දපෝෂණයෙන් බැටකන රටවල් අතර 2වන ස්ථානයට පත්ව ඇත්තේද ශ්‍රී ලංකාව වන බව යුනිසෙෆ් පෙන්වාදේ . රට තුල පවතින ආර්ථික අර්බුදය හා ඒ හේතුවෙන් ජීවන වියදම ඉහළයාම මත , මෙම තත්වය මතුව ඇති බවද යුනිසෙෆ් සංවිධානය…

රංජන් , රජයේ තනතුර භාරගනී !

විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක මහතා විසින් භාර ගනු ලැබීය. ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රන්ජන් රාමනායක මහතාට මෙම තනතුර පිරිනමන බව ප්‍රකාශ කළේය. රන්ජන් රාමනායක මහතා ඔහු කලින් පදිංචිව සිටි මාදිවෙල මන්ත්‍රී නිවාසයට පෙර දින රාත්‍රියේ මනුෂ නානායක්කාර මහතා…

මෙරට දරුවන්ට හදිසි ආධාර අවශ්‍යයි – ජගත් ළමා අරමුදල කියයි !

පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් දරුවන්ගේ අවශ්‍යතා සපුරලීමට නොහැකි මෙරට දෙමව්පියන්, එම දරුවන් ළමා ආරක්ෂණ ආයතන වෙත යොමු කිරීමේ ප්‍රවණතාවක් පවතින බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ දකුණු ආසියා කලාපීය අධ්‍යක්ෂ, ජෝර්ජ් ලාර්යෙයා ඇඩ්ජෙයි මහතා පවසයි. මෙරට සංචාරයෙන් අනතුරුව ඊයේ (26) කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය. එහිදී ඔහු ප්‍රකාශ කළේ, එම තත්ත්වය…

ජල ගාස්තු ඉහළ යන්නේ මෙහෙමයි !

සැප්‍තැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්තු ඉහල දමමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින් : http://documents.gov.lk/files/egz/2022/8/2294-51_S.pdf

ලංකාවේ දරුවන්ගේ හීන පාටකරන්න අමෙරිකාවෙන් ආ අපේ දරුවෝ

වොෂින්ටන් නුවර මේරිලෑන්ඩ් අවට ඇත්තේ දියුණු සමාජ වටපිටාවකි. එවැනි වටපිටාවක ජීවත්වන පාසල් දරුවකුට අවශ්‍යතා මත නොලැබේයැයි සිතන්නට යමක් නැත. එහෙත් මානව හා හෞතික සම්පත්වල සීමාවීම් මත ලංකාව වැනි රටක නම් අධ්‍යාපනය සීමා වූ දරුවෝ කොතෙකුත් සිටිති. අවශ්‍යතා සීමා වීම නිසා තමන්ගෙ සිහින යථාර්ථයක් කර ගැනීමට නොහැකිව සිටින ලෝකයේ කුමන හෝ රටක දරුවන් වෙනුවෙන් පරිත්‍යාගය මුල්කරගත්…