Daycareවලටත් උපදෙස් මාලාවක්

Picture of අසංක

අසංක

පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථානයන්ද ඉදිරියේදී පවත්වාගෙන යා යුතු අකාරය දැක්වෙන උපදෙස් මාලාවක් සෞඛ්‍ය  අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

එම පරිශ‍්‍රයන් ඇතුළු වන ස්ථානයේ අත් සේදීම සඳහා පහසුකම් සපයා තිබිය යුතු බවත්, කාර්ය මණ්ඩලයට ප‍්‍රමාණවත් ලෙස මුව ආවරණ සපයාදී යුතු බවත් එහි සඳහන්වේ.

කෙසේවෙතත් මුව ආවරණ පැළඳීමට දරුවන් දිරිමත් නොකළ යුතු බව එහි අවධාරණය කර ඇත. ශ්වසන අපහසුතා ඇති විමේ අවදානම හේතුවෙන් වයස අවුරුදු දෙකට අඩු දරුවන්ට මුව ආවරණ පැළඳීමෙන් වැළකිය යුතු බව ද එහි සඳහන්වේ.

වෛරස ආසාදනයට ඉඩ සලසන කණ්ඩායම් ක‍්‍රියාකාරකම් වෙනස් කිරීමට හෝ නතර කිරීමට සලකා බලන ලෙසද උත්සව සහ විශේෂ ප‍්‍රසංග අවලංගු කිරීමට හෝ කල් දැමීමට කටයුතු කරන ලෙසද මෙහි වැඩිදුරටත් සඳහන්වේ .

දරුවෙකු අසනීප වුවහොත් වෙන් කර තැබීම සඳහා සුදුසු හුදෙකලා කාමරයක් හෝ ස්ථානයක් සකස් කර තබන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය පෙර පාසල් සහ ළමා දිවා සුරකුම් මධ්‍යස්ථාන වෙත උපදෙස් දී තිබෙ

ළමා දිවා සුරකුම් මධ්‍යස්ථානවල නිදන මෙට්ට සහ පැදුරු මීටරයක පරතරය පවත්වා ගනිමින් ස්ථානගත කරන ලෙසද, දරුවන් මුහුණට මුහුණලා නිදි කරවීමෙන් වළකින ලෙස ද උපදෙස් මාලාවේ සඳහන්වේ.

සෙල්ලම් බඩු විෂබීජ නාශක දියර යොදා හෝ සබන් යොදා පිරිසිදු කළ යුතු වන අතර . දරුවන්ට පිසූ ආහාර නිවසින් රැගෙන ඒමට දිරිමත් කරන ලෙසද එක් එක් දරුවාට වෙන් වූ පිගන් කෝප්ප භාවිත කරන ලෙසද මෙම උපදෙස් මාලාවේ සඳහන්ය.

පෙර පාසල් දරුවන්ගේ මව්පියන් විසින් පිළිපැදිය යුතු උපදෙස් සමූහයක්ද සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර තිබෙ. පහසුවෙන් සේදිය හැකි ඇදුම් පමණක් දරුවාට අන්දවන ලෙසයි එමගින් උපදෙස් දී ඇති අතර . අත්‍යාවශ්‍ය නොවන ආභරණ හෝ රිබන් වැනි දෑ දරුවාට පැලදවීමෙන් වලකින ලෙසද උපදෙස් දී තිබ.