පැතුම් වික්‍රමරත්න
ගුවන් යානා නඩත්තු ඉංජිනේරු අංශයට, කල්ඉකුත්වූ ද්‍රව්‍ය මිලදී ගැනීම හේතුවෙන්, ශ්‍රි ලංකන් ගුවන් සමාගමට 2017 වර්ෂයේදී රුපියල් මිලියන 27.2 ක පාඩුවක් සිදුව ඇතැයි අන්තර් සමාගම් සේවක සංගමය අනාවරණය කර සිටී.
එම සංගමයේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම් ශාඛාව මේ පිලිබඳ සවිස්තරාත්මක පැමිණිල්ලක් කෝප් කමිටුවටද ලිඛිතව ඉදිරිපත් කර ඇත.
ආයතනයේ කළමණාකාරිත්වය ඇතැම් වෘත්තීය සමිති සම්බන්ධයෙන් පක්ෂග්‍රාහි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වෘත්තීය සමිති ආඥා පනත ද උල්ලංඝනය කරමින් සිටින බව, අන්තර් සමාගම් සේවක සංගමය කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන්වේ.
කළමනාකාරිත්වයේ අවිධිමත් තීන්දු තීරණ හමුවේ ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ කොළඹ පවතින කාර්යාල කටුනායකට රැගෙන ගිය බවත්,පසුව නැවත ඒවා කොළඹ ට රැගෙන ඒමට කටයුතු කළ බවත්, එම ක්‍රියාදාමය හේතුවෙන් දැවැන්ත මූල්‍ය පාඩුවක් එම සමාගමට සිදුවූ බවත් කෝප් කමිටුවට ඉදිරිපත් කළ පැමිණීල්ලේ සදහන් වේ.