සමාජ ජාල තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ දැරියක අපයෝජනය කරන සිදුවීමේ සැකකරු වන ඇයගේ පියාගේ නැගණියගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියාන් නැමති මැණික් ව්‍යාපාරිකයා වෙත සමාජ ජාල තුළින් චෝදනා එල්ල වුවද ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය හමුවට පැමිණ කියාසිටියේ තමන් එවැන්නක් සිදු නොකළ බවත් ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවයි.
එමෙන්ම පොලිස් පරීක්ෂණ සඳහා වරින් වර ඔහු ද කැඳවා විමර්ශන කළ ද මැණික් ව්‍යාපාරිකයා මෙම සිද්ධියට සම්බන්ධ නැතැයි තහවුරු විය.