අමාත්‍ය මණ්ඩලය විසින් සේවය අත්හිටුවූ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ හෙවත් FCIDයේ ප්‍රධානී රවි වෛද්‍යාලංකාර මහතා විසින් සති දෙකක් කාලයක් නිල නිවස හා නිල රථය භාවිත කිරීමට ඉඩ දෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම සළකා බැලූ වැඩලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගෙන් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.
ඒ අනුව රවි වෛද්යාංලංකාර මහතා මාර්තු දෙවන සතිය වනතෙක් නිල නිවසේ රැුදී සිටිමින් නිල රථය ද භාවිත කිරීමට අවස්ථාව ලැබී තිබේ.
එෆ්සීඅයිඩී හිටපු ප්‍රධානියාගේ වත්කම් සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරී්ෂණ දෙපාර්තමේන්තුව මගින් පුළුවන් විමර්ශනයක් සිදුකරනු ලබයි.
ඒ රුපියල් කෝටි ගණනක දේපළ ඔහු සතුව ඇතැයි යනුවෙන් ලැබී ඇති පැමිණිල්ලක් අනුවයි.
දම්පත් රණසිංහ