GMOAහි සභාපති පුටුවට 10 වැනි වරටත් පාදෙණිය

Picture of අසංක

අසංක

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අඛණ්ඩව දස වැනි වරටත් තේරී පත්වී ඇත.

කොළඹ විද්වත් වෘත්තිකයින්ගේ සංගම් ශාලාවේදී ඊයේ (27) පැවැති නිලවරණයේදී සභාපති තනතුර සඳහා ඔහු නිතරගයෙන් තේරී පත් වු බව එම සංගමයේ ප්‍රකාශකයෙක් අප වෙබ් අඩවියට පැවසීය

සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා නිතරගයෙන් පත් වී ඇත.

මී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සංගමයේ සංස්කාරක තනතුරට පත්ව ඇත