නවතම පුවත්

මැදපෙරදිග ලාංකිකයන් 20,000කට රැකියා අහිමි වීමේ අවදානමක්

අසංක

අසංක

කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තිය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් 20,000 කගේ පමණ රැකියා අහිමිවීය හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අනතුරු අඟවා සිටී .

මේ වනවිට මැදපෙරදිග ආයතන හා කර්මාන්තශාලා රැසක් වැසී යාම හේතුවෙන් මෙම අනතුර මතුව ඇති බවද කාර්යංශය සඳහන් කර සිටී.

මේ අතර අප්‍රේල් මැයි හා ජුනි මාස තුනේ දී විදේශ රැකියාවන්ට යාමට බලාපොරොත්තුවෙන් සිටි 30,000 කට ආසන්න පිරිසකටද කොවිඩ් -19 පැතිරයාම හේතුවෙන් එම රැකියාවන්ට යාම මගහැරී ඇති බවද වාර්තාවේ.

එකී රැකියා අවස්ථා යලි ලබා ගැනීම පිළිබඳව කාර්යංශය මැදිහත්ව කටයුතු කරමින් සිටින බව එහි ප්‍රකාශකයකු පැවසීය.

රැකියා අහිමිවී හෝ වැටුප් අහිමිව මැදපෙරදිග සිටින පිරිස් පිළිබඳව තානාපති කාර්යාල මට්ටමින් සොයා බලන බවත් අවශ්‍ය පහසුකම් සළසාලීමට පියවර ගන්නා බවද කාර්යාංශය සඳහන් කර සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්